‘දන්නෝ බුදුන්ගේ’ ගීතය කැබිනට් අනුමැතියෙන් ජාතික උරුමයක් වෙයි

150

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා සූරීන් විසින් රචනා කර විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන ‘සිරිසඟබෝ’ නාට්‍යයේ ඇතුළත් මේ වන විට වසර 120 ක් පමණ පැරණි මෙම ගීතය ජාතික උරුම ගීතයක් ලෙස හඳුනාගෙන තිබේ.

මෙරට ජාතික ගීය නිර්මාණය වන තෙක් උත්සව හා වෙනත් අවස්ථාවල එම ගීතය ද ජාතික ගීයක් හා සමානව භාවිතයට ගත් බවට සාක්‍ෂි පවතී. ජාතියේ වින්දනය හා චින්තනය කෙරෙහි ශත වර්ෂයකට අධික කාලයක් එම ගිතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කරන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට කර ඇති යෝජනාවේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment