දප්පුල ද ලිවේරාගෙන් ප‍්‍රශ්න කරන්න පුළුවන්

336

පාස්කු ප‍්‍රහාරය කුමන්ත‍්‍රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ‍්‍රාම යෑමට ප‍්‍රථම සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප‍්‍රශ්න කිරීමට කි‍්‍රයාමාර්ගයක් ගනු ඇතැයි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

විශ‍්‍රාම යෑමෙන් පසු නීතිපතිවරයා ද සාමාන්‍ය පුද්ගලයකු නිසා ඒ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප‍්‍රශ්න කිරීමට හැකි බව ද කමල් ගුණරත්න මහතා කියා සිටියි.

පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකු වගකීමෙන් කිසියම් ප‍්‍රකාශයක් සිදු කළහොත් ඔහු කැඳවා ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයා බලයට පත්වීම සඳහා පාස්කු ප‍්‍රහාර කුමන්ත‍්‍රණය සිදු කළ බවට ඇතැම් පුද්ගලයන් සිදුකර ඇති අසත්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ද ඒ මහතා පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment