දම්පැහැ යදම් බිඳිමු

318

දම්පැහැය (purple color)  ලිංගිකත්වය නියෝජනය කරන අන්තර්ජාතිකව පිළිගත් සම්මත වර්ණය ලෙස අපි දනිමු. මෙම දම්පැහැය නැත්නම් ලිංගිකත්වය කියන සාධකය ඇත්තෙන් ම ලාංකික සමාජීය යදමක්ද? ඔව්, ලාංකීය සංස්කෘතික ඇවතුම් පැවතුම් රටා තුළ ලිංගිකත්වය කියන මාතෘකාව විවිධාකාර වාරණයන්ට යටත්ව සමාජයේ අඩු කතාබහට ලක්වෙන කරුණක් විදිහට දක්වන්න පුළුවන්, නමුත් මේ උගුරට හොරා බෙහෙත් බීම තුළ සිදුවන්නේ ලිංගිකත්වය පිළිබඳව පුද්ගලයා සතුව පවතින කුතුහලය හාරා ඇවිස්සීමක් පමණයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙනුයි ලිංගිකත්වය පිළිබඳ අන්තර්ජාල පිරික්සීම්වල දී ලොව ඉහළම වාර්තා අතරට ලංකාව ඇතුළත් වන්නේ.

ලිංගිකත්වය කියන්නේ ස්ත‍්‍රී, පුරුෂ විවිධත්වයට ද නැත්නම් ඉන් එහා ගිය දෙයකටද ? විකිපීඩියා විශ්වකෝෂය ඒ ප‍්‍රශ්නයට මෙහෙම පිළිතුරක් ලබා දෙනවා.

මිනිස් ලිංගිකත්වය යනු මිනිසුන් ලිංගිකව අත්විඳින සහ ප‍්‍රකාශ කරන ආකාරයයි. මෙයට ජීව විද්‍යාත්මක, කාමුක, ශාරීරික, චිත්තවේගීය, සමාජීය හෝ අධ්‍යාත්මික හැඟීම් සහ හැසිරීම් ඇතුළත් වේ. එය කාලානුරූපී ඓතිහාසික සන්දර්භයන් සමඟ වෙනස් වූ පුළුල් යෙදුමක් නිසා, එයට නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැත.

ලිංගිකත්වය ට නිශ්චිත අර්ථයක් ලබා දිය නොහැකි වුවත් ලිංගිකත්වය පදනම් කරගෙන විවිධ සාමාජීය කාරණාවන්ට නානාවිධ අරුත් සම්පිණ්ඩනය කරන්නට ස්වදේශික ජනතාව යොමුවෙලා තිබෙනවා. ඒ මතවාදයන්ගෙන්

බොහෝමයක් නිශ්චිත අරමුණක් රහිතව ගොනුවුණු සාධකයන්ට යටත් වෙනවා. පාරම්පරානුගතව සමාජය කියවීමේ දී මෙම වැරදි අදහස් තෙරක් නොමැතිව තවදුරටත් විකාශනය වීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බව සත්‍යයක්.

ලිංගිකත්වය කියන වචනය සංස්කෘතික රාමුවකට කොටු කිරීම මත ඒ හා සමගාමීව සමාජය උකහාගන්නා වැරදි අවස්ථාවන් අතරට ‘‘සහවාසය” නැත්නම් ˜living together” සංකල්පය ඇතුළත් වෙනවා. 20 වන සියවසයේ අග භාගයේ දී බටහිර රටවල් මූලික කරගනිමින් ව්‍යාප්ත වුණු මෙම චර්යා රටාව ආසියාතික කලාපීය රටවල සමාජය සාමාන්‍යයෙන් පිළිනොගන්නා කාරණා අතරට ගැනෙනවා. එයට හේතුවන එකම කරුණ නම් සහවාසය තුළදී විවාහය ට ප‍්‍රථම යුවළක් අතර ලිංගික සහසම්බන්ධතාවක් ඇතිවීමයි. නමුත් ‘‘සහවාසය” නමැති සංකල්පය ඇතුළත ලිංගිකත්වය කියන්නේ එක් කාරණාවක් පමණයි. ඉන් එහා පුළුල් සමාජීය වටිනාකමක් මෙමගින් පෙන්වා දෙනවා. සහවාසය තුළ ප‍්‍රධානතම අරමුණ වන්නේ අවබෝධය මත පදනම්ව සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මාර්ගය සොයාගැනීම යි.

පවුල් ජීවිතයක සතුට නමැති හැගීම නොසිදී පැවතීම උදෙසා, ස්වාමියා හා බිරිඳ අදහස් අතින් සමාන තත්ත්වයකට පැමිණීමට ඔවුන් දෙදෙනාගේ විවිධ වූ ආශාවන් හා තේරීම් ගළපාගැනීම සිදු විය සිදු යුතුයි. එම ආශාවන් අතුරින් එකක්වන ලිංගිකත්වය ලාංකීය ජන සංස්කෘතියට නුහුරු තත්ත්වයක් බැවින් ඒ මත පදනම්ව සහවාස සංකල්පය මුළු මනින් ම බැහර කිරීම අනුමත කළ නොහැකියි. දේශීය සභ්‍යත්වයන්ට  ලිංගිකත්වය මගින් හානි පමුණුවන්නේ නම් එම අනු කරුණ හැර අදහස් මගින් සහවසය යුවළකට සිදුකළ හැකියි.

ලාංකීය සමාජ වටපිටාව තුළ පවතින තරගකාරී ජීවන රටාව නිසා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතු යුවළ අඩු වශයෙනුයි දක්නට ලැබෙන්නේ, ආර්ථික, සමාජීය, සංස්කෘතික හැලහැප්පීම් මත සාර්ථක විවාහ ජීවිතයක් උදෙසා අදහස් අතින් සහවාසය ලාංකිකයන්ට අත්‍යවශ්‍යම බව ලංකාවේ දිනකට සිදුවන දික්කසාද නඩු 300 පමණ වූ ප‍්‍රමාණයෙන් හඳුනාගන්න පුළුවන්, එමෙන් ම එම නඩුවලින් පැමිණිකාර පාර්ශ්වය අතරින් වූ 80% ක් ම කාන්තාවන් වෙනවා. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය අධික මට්ටමක පැවතීම මේ සඳහා හේතුකාරකය වන අතර අදහස් අතින් එකිනෙකා අතර සංවේදී බව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බව ඉන් තවදුරටත් ප‍්‍රකාශ කරනවා.

ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය මත දුර්මතයන් ගොඩනැගෙන තවත් මාතෘකාවක් ලෙස සම්භාහන මධ්‍යස්ථාන නැත්නම් පොදුවේ සමාජය ‘spa’ ලෙස හඳුන්වන ආයතන හඳුන්වාදෙන්න පුළුවන්.

විකිපීඩියා විශ්වකෝෂයට අනුව ස්පා නැත්නම් සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව මෙසේ අර්ථකථනයක් ලබා දෙනවා.

ස්පා යනු ඖෂධීය ස්නාන ලබා දීම සඳහා ඛනිජ පොහොසත් උල්පත් ජලය (සමහර විට මුහුදු ජලය) භාවිත කරන ස්ථානයකි. ස්පා නගර හෝ ස්පා නිකේතන (උණුසුම් උල්පත් නිකේතන ඇතුළුව) සාමාන්‍යයෙන් විවිධ සෞඛ්‍ය ප‍්‍රතිකාර ලබා දෙයි.

නමුත් සමාජීය කියවීම් වලට අනුව සම්භාහන මධ්‍යස්ථාන යනුවෙන් හැඳින්වෙන්නේ ලිංගික ගනුදෙනු සිදුකරන නීති විරෝධී ව්‍යාපාරික ස්ථානයි. නමුත් ලංකාවේ ආයුර්වේදය තුළ සම්භාහනය එක් ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස පිළිගන්නවා.

මේ හා සම්බන්ධව දුර්මත ගොඩනැගීම උදෙසා මෙරට සමාජය තුළ ප‍්‍රමිතිකරණයකින් තොරව මෙවැනි ස්ථාන පවත්වාගෙන යෑම හේතුවෙන බැව් දැක්විය හැකියි.

එසේ නොවන්නට සම්භාහන පිළිවෙත ඉතාමත් වැදගත් වෛද්‍යමය ක‍්‍රමශිල්පයක් ලෙස විධිමත් පරිදි මෙරට සමාජය තුළ භාවිත කළ හැකිවෙනවා.

එසේම ලාංකීය සමාජය සතු ලිංගිකත්වය පිළිබඳ ඌණ අවබෝධය හේතුවෙන් කලා නිර්මාණයන්ට හුදෙක් ලිංගිකත්වය පමණක් ආරෝපණය කිරීම වර්තමානය තුළ බහුල වශයෙන් දකින්නට හැකියාව ලැබෙනවා.

කලා නිර්මාණ පමණක් නොව කලාකරුවන් වශයෙන් ජනප‍්‍රිය තලයකට පැමිණීම උදෙසා ලිංගිකත්වය ආභරණයක් කොටගැනීම අතිශය ඛේදනීය තත්ත්වයක් බවට පත් වී හමාරයි. ආලිංගනය,

මිනිස් ශරීරයේ හැඩතල කලාවේ උච්චතම ස්වරූපයන් බව සත්‍යයක් නමුදු වර්තමානයේදි ලිංගිකත්වය ඉන් පරිභාහිරයට රැුගෙන ගොස් නිරුවත අලෙවි කිරීම මත මුදල් ඉපැයීම නිසා කලාව ද හුදෙක් ව්‍යාපාර අරමුණු මත පමණක් පදනම් වන්නක් බවට පත් වී තිබෙනවා.

එහි සෘණාත්මක බලපෑම එල්ලවන්නේ මා පෙර සඳහන් කළ පරිදි ප‍්‍රමිතිගත නිර්මාණ තුළ ආලිංගනය, ශරීරීක හැඩයන් කලාත්මකව නිරූපණයට නිර්මාණකරුවා උත්සාහ කළත් තත්ත්වයෙන් ඉතා බාල නිර්මාණ රසවින්දනයට හුරු වූ සමාජය සුභාවිත නිර්මාණ දෙසද ලිංගිකත්වය පදනම් කෝණයකින් බැලීමට යොමු වීමයි. කලාවේ රසය උකහා ගැනීම පසෙකලා ලිංගිකත්වය මත පමණක් පදනම්ව ඒ ඔස්සේ යමින් විවිධ සෘණාත්මක පැතිකඩයන් පමණක් ස්පර්ශ කිරීම විශිෂ්ට කලාවක් නිර්මාණය කිරීමට ඇති ඉඩ කඩ සීමාකරනු ලබනවා.

ඉතින් ලිංගිකත්වය යන තේමාව තවදුරටත් මෙරට සමාජයට නුහුරු ආගන්තුක කාරණයක්ව පැවතීම තුළ සමාජයේ ඇතිවන සහ නැතිවන සෑම කරුණක් දෙසම

ලිංගිකත්වය නැමැති පාට කණ්ණාඩියෙන් දැකීමට මිනිසා තව දුරටත් උත්සාහ දරනු ඇත. රබර් බෝලයක් දිය යට හංගන්නට දරන උත්සාහය ව්‍යර්ථ වන්නා සේ යම් සමාජීය කරුණක් සැ`ගවීමට දරන ප‍්‍රයත්නයක ප‍්‍රමාණයේ දෙගුණයක ප‍්‍රභලතාවයකින් එය සමාජය තුළ ඉස්මතුවීමට ඉඩ ඇත. ලාංකික සමාජය තුළ

ලිංගිකත්වය ට සිදු වී ඇත්තේ ද එයයි. එබැවින් අවබෝධාත්මකව නිවැරැුදි දැක්මක් උදෙසා සිතුවිල්ලෙන් සේම ක‍්‍රියාවෙන්ද ධනාත්මක ලෙස හැසිරීම වර්තමානය සමාජ පැවැත්මට ඉතා ප‍්‍රබල ලෙස බලපානු ලබයි.

දම්පැහැ  යදම් බිඳිමු

අමාදි සංජනා දසනායක
උපාධි අපේක්ෂක මනෝවිද්‍යාව / සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය. (විද්‍යාවේදී ගෞරව)

දම්පැහැ  යදම් බිඳිමු
advertistmentadvertistment
advertistmentadvertistment