දමිතා අබේරත්න රංගවේදිනිය  අත්අඩංගුවට ගැනීම  ආණ්ඩුවේ මුග්ධ පිළිවෙත  ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමක්

140

– සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය

 ජනප්‍රිය රංගවේදිනියක මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි තරුණ අරගලයේ ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මහත්මිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මුග්ධ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අභිලාෂයන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ තවත් එක් අවස්ථාවක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.

 එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ, සාමකාමී ලෙස විරෝධය පෑම ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය හිංසනයට ගොදුරු වීමට හේතුවක් බව සමස්ත ලෝකය හමුවේ කියා පෑමක් බවයි.

 අදහස් පළ කිරීමට හා සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය ජන ජීවිතයේ නිදහස හා රටක ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය පිළිබඳ ප්‍රමුඛතම සාධකයක්. රටක ආණ්ඩුවක් එකී ජන අයිතිය සීමා කරන්නේ නම් එමගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ජනතා අභිලාෂයන්ට පටහැනිව බලය උදෙසා පමණක් ක්‍රියා කරන පාලනයක ස්වරූපයක්. මෑත යුගයේදී එක් පවුල් පාලනයක ගොදුරක් වූ රටක් ලෙස ශ්‍රී ලංකාවේ අතිබහුතර ජනතාව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයට මහමඟට බැස විරෝධය පළකරමින් පැහැදිලිව ප්‍රකාශ කරන ලද්දේ එවැනි ජනපීඩක පාලනයක් තවදුරටත් ඉවසා සිටින්නට තමන් සූදානම් නොමැති බවයි. දමිතා අබේරත්න වෙතින් පසුගිය කාලය තුළ ප්‍රකාශ වූයේ ජනතාවගේ එකී විරෝධයයි. ආණ්ඩුව මෙන් මුග්ධ තීන්දු ගැනීමට පෙර ඒ බව වරක් නොව තෙවරක්ම සිතා බැලිය යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment