දමිතා රිමාන්ඩ්

358

දමිතා අබේරත්න ඊයේ බන්ධනාගාරය වෙත රැගෙන ගිය අවස්ථාව

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජනරාශියක නිරත වීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ජනඅරගලයේ ක්‍රියාකාරික සාමාජිකාවක වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (08දා) නියෝග කළේය.

දමිතා රිමාන්ඩ්
දමිතා පෙරේදා (7දා) රාත්‍රී පොලිස් අත්අඩංගුවට පත්වී ගෙන යද්දී
ඒ. ජේ. ඒ. අබේනායක

බත්තරමුල්ල දියත ප්‍රදේශයේ පැවැති විරෝධතාවකට සහභාගි වී ආපසු නිවෙස් බලා යමින් සිටියදී කොළඹ මධ්‍යම කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය විසින් පෙරේදා (07දා) පස්වරුවේ ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.



advertistmentadvertistment
advertistmentadvertistment