දඹදිව වන්දනාවේ යන  60ට අඩු බැතිමතුන්ට පාස්පෝට් සතියෙන්

153

දඔදිව වන්දනාවේ යන වයස අවුරුදු 60ට අඩු සියලු බැතිමතුන් සඳහා ඉන්දියානු නේපාල හදිසි ගුවන් ගමන් බලපත්‍රය සතියක් තුළ ලබාදීමට ආගමන විගමන දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන සහ ජාතික සංවිධායක හර්බට් විජේතුංග යන මහත්වරුන් හා විධායක සභාවේ ඉල්ලීමකට අනුව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා විසින් මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංගමයේ අනුශාසක රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ මැදිහත්වීම මත මහජන ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් හා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණය යටතේ ඊයේ (18දා) ආගමන විගමන පාලක ජනරාල්වරයා සමග ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංගමය ඒ සඳහා සාකච්ඡාවක් පැවැත්වීය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment