දඹර හිමි හා ඇමැති බන්දුල එකඟ වී වන්දි නඩු අස් කර ගනිති

322

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් තමන්ට කළ අපහාසයට රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නාලන්දා විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට එරෙහිව පවරා තිබූ වන්දි නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදරියේ දී දෙපාර්ශ්වයේ එකඟතාවය අනුව ඊයේ (04 දා) බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි. පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ද රුපියල් මිලියන 600 ක වන්දියක් ඉල්ලා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ වන්දි නඩුව ද දෙපාර්ශ්වයේ එකඟතාවය අනුව කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂි ද සිල්වා මහත්මිය ඉදිරියේදී එම හිමියන් විසින් ඊයේ (04 දා) ඉල්ලා අස්කර ගන්නා ලදී.

එකිනෙක පැමිණිලිකරුවන් එම නඩු දෙකේ විත්තිකරුවන් ලෙස නම් කර ඇති පූජ්‍ය දඹර අමිල හිමියන්ගෙන් හා බන්දුල ගුණවර්ධනගෙන් මෙකී නඩු දෙකට අදාළ වෙනත් කිසිදු ඉල්ලීමක් හෝ නඩු ගාස්තු ඉල්ලා නො සිටීමටත් එකී සමථ කොන්දේසි පූර්ණ සහ අවසානාත්මක සමථයක් ලෙස තීන්දු ප්‍රකාශයට ඇතුළත් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වූහ.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති සම්මේලනය විසින් 2019.07.14 වැනිදා රාජගිරියේ පැවැත රැස්වීමකදී පූජ්‍ය දඹර අමිල හිමි කළ ප්‍රකාශයකට එරෙහිව නීතීඥ ධම්මිකා ජිවිනිගේ මහත්මියගේ උපදෙස් පරිදි බන්දුල ගුණවර්ධන මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ මිනෝලි ඇලෙක්සැන්ඩර් මෙනවිය සමග ජනාධිපති නීතිඥ වී. කේ. ටොක්සි මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment