දඹානට විදුලිය ගැටලුවක් නෑ

355

ආදිවාසි නායක වන්නිලැ ඇත්තෝ කියයි

රටේ වැඩි පිරිසකට විදුලිය අද ප්‍රශ්නයක් වූවත් දඹානේ ආදිවාසි ජනතාවට විදුලිය ප්‍රශ්නයක් නොවන බව ආදිවාසි නායක ඌරුවරිගෙලාගේ වන්නිල ඇත්තන් ‘දිවයින’ ට පැවැසීය.

ආදිවාසි ජනතාව කුප්පි ලාම්පුවලින් ආලෝකය ලබාගත්තත් භූමිතෙල් ප්‍රශ්නය ඊට බලපාන බවද ආදිවාසි නායකයා කීවේය. වන්නිල ඇත්තන් වැඩිදුරටත් කියා සිටියේ කැලේ දර හොයාගෙන සිය ජනතාව නිවාස අසල ගිනිමැල ගසාගෙන ආලෝකය ලබාගන්නා අතර එයද ඔවුන්ට ගැටලුවක් නොවන බවයි.

රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන වසන්ත මුදලිගේ බැලීමට අදහසක් නැද්දැයි ඇසූවිට වන්නිල ඇත්තන් කියා සිටියේ වැඩ බහුලවීම නිසා ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් නිවාඩුවක් ලැබුණොත් ඔහු බැලීමට යන බවත්ය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment