දඹුල්ලට පළමුවරට ජාතික මට්ටමේ පාසල් හොකී තරගාවලියක්

126

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මෙහෙයවන වයස අවුරුදු 16 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය මාතලේ දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් හෙට (28 වෙනිදා) පෙ.ව. 08:30 ට ආරම්භ කෙරේ.

ජාතික මට්ටමේ පාසල් හොකී තරගාවලියක් දඹුල්ල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම තරගාවලිය ලබන සෙනසුරාදා (31) දින දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සහභාගී වීමට නියමිත පාසල් කණ්ඩායම් සංඛ්‍යාව 61 කි.

මෙහි බාලක තරගාවලියට ”ඒ” සහ “බී” ලෙස කාණ්ඩ 02 ක් යටතේ පැවැත්වේ.

මෙහි මූලික වටය

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමය භාවිතයට ගැනේ.

මෙරට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික මට්ටමේ හොකී තරගාවලියක් ක්‍රියාත්මක කෙරෙන්නේ වසර 02 කට පසුව වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment