දඹුල්ලට පළමු ජය

107

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම ඊයේ (29 වැනිදා ) සමත් විය.

යාපනය කණ්ඩායම සමග පැවැති එම තරගයේදී ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ පන්දු වාර 56 යි එක් පන්දුවකදී කඩුලු 5ක් අතැතිව එම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ.

එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සනෝජ් දර්ශක නොදැවී ලකුණු 60 ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර ඔහුට අනගි සහායක් ලබාදුන් නායක මිනෝද් භානුක අර්ධ ශතකයක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම මුල් ඉනිම සඳහා ලකුණු 62 ක් ද, දෙවන ඉනිම සඳහා ලකුණු 349ක් ද ලබා ගත්තේය.

දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 213ක් සහ දෙවන ඉනිමට ලකුණු 204ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කළ පළමු තරගය මෙය වූ අතර මීට පෙර පැවති තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ඔවුන් ඉනිමක පරාජයක් ලැබීය.

යාපනය පළමු ඉනිම 62 යි – (කසුන් අබේරත්න 16, ළහිරු මදුශංක 10, රවිදු ප්‍රනාන්දු 13, විශ්ව ප්‍රනාන්දු 14/5, අසිත ප්‍රනාන්දු 24/4) සහ දෙවැනි ඉනිම 349 යි – (රොන් චන්ද්‍රගුප්ත 67, නවෝද් පරණවිතාන 64, සුඛිත මනෝජ් 15, මාධව වර්ණපුර 46, ළහිරු මදුශංක 18, රවිදු ප්‍රනාන්දු 64, නිපුන් මාලිංග 38, අසිත ප්‍රනාන්දු 64/3, අශාන් ප්‍රියන්ජන් 76/2, දුවිදු තිලකරත්න 72/3)

දඹුල්ල පළමු ඉනිම 349 යි – (මිනෝද් භානුක 67, නිමේෂ් ගුණසිංහ 10, රනිත ලියනආරච්චි 51, සනෝජ් දර්ශික 18, විශ්ව පුනාන්ද 25, යසිරු රුද්‍රිගෝ 52/3, නිපුන් මාලිංග 39/2, එෂාන් මාලිංග 39/2, දිලුම් සුධීර 18/2) සහ දෙවැනි ඉනිම කඩුලු 5 ට ලකුණු 204 යි – (මිනෝද් භානුක 55, නිමේෂ් ගුණසිංහ11, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 15, ඩිලාන් ජයලත් 34, සනෝජ් දර්ශික නොදැවී 60, රවිදු ප්‍රනාන්දු 73/2)

advertistmentadvertistment
advertistmentadvertistment