දඹුල්ල ආර්ථිකයට ඊයේ එළවළු කිලෝ ලක්‍ෂ 30ක් එයි

179

දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට ඊයේ (11දා) එළවළු කිලෝ ලක්ෂ 25ක් 30ක් ලැබුණු බවත් තොග ගැණුම්කරුවන් හරහා එළවළු තොග මුළු රටටම ප්‍රවාහනය කළ බවත් දඹුල්ල වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජී. විජයානන්ද මහතා පැවසීය.

සාමාන්‍ය මිලක් යටතේ අදත් (12දා) උත්සව සමයට එළවළු තොග බෙදා හැරීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද, පෙර උත්සව සමයට සාපේක්ෂව එළවළු මිල අඩුවී තිබෙන බවද ඒ මහතා පැවසීය.

උඩරට, පහතරට, වයඹ, ඌව, යාපනය සහ මැදරට කලාපවලින් එළවළු තොග ලැබී තිබේ. අමු මිරිස් (එම්.අයි) කිලෝවක් සඳහා රුපියල් 500ත් 550ත් අතර ඉහළම මිල ලැබුණු අතර සෙසු වර්ගයේ අමු මිරිස් කිලෝවක් රුපියල් 200ත් 250ත් අතර තොග මිලකට අලෙවි වූ බවද මාළු මිරිස් කිලෝවක් 300 – 400, කැරට් සහ ලීක්ස් කිලෝවක් 140 – 160, බීට් කිලෝවක් 140ත් 170, තක්කාලි කිලෝවක් 180 – 220, ගෝවා කිලෝවක් 85 – 100, වම්බටු කිලෝවක් 200 – 220ත් අතර තොග මිලකට අලෙවි වු බවද හෙතෙම පවසයි.

එළවළු තොග ගැනුම්කරුවන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයේ තිබුණ බවත් පෙර උත්සව සමයට සාපේක්ෂව නව තොග ගැනුම්කරුවන්ගේ පැමිණීමක් සිදු නොවූ බවත් ලේකම්වරයා පැවසීය.

10 සහ 11 දෙදින දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව තැබූ බවත්, අද (12 වැනිදා) රාත්‍රි 12.00 සිට සහ 13,14,15 දින තුනේ අවුරුදු උදාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය වසා තබන බවද විජයානන්ද මහතා කියා සිටියේය.
මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment