දඹුල්ල ජයන්ට්ස් ලකුණු 17කින් ජය ගනී – ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය

165

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර ඊයේ (08 වෙනිදා ) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ලකුණු 17 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 195ක් ලබාගත් අතර කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 177ක් පමණි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් පන්දු 34 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 62ක් ලබා ගත් අතර නජිබුල්ලා ශර්ධාන් ද අර්ධ ශතකයක් ලබා ගත්තේය.කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 26ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් ය.

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 195යි. (පිල් සාල්ට් 62, නිජිබුල්ලා ෂර්ධාන් 54, දසුන් ශානක 38, දුෂ්මන්ත චමීර 34/3)

කළම්බු ස්ටාර්ස් පන්දුවාර 18.5කදී සියලූදෙනා දැවී ලකුණු 177යි (දිනේෂ් චන්දිමාල් 26, ධනංජය ද සිල්වා 21, ටොම් බන්ටන් 23, කුසල් පෙරේරා 20, නුවන් ප‍්‍රදීප් 50/3, චාමික් කරුණාරත්න 46/2, තරිඳු රත්නායක 17/2, ඉම්රාන් තහීර් 36/2)


බ්ලූ ඊගල්ස් හමුවේ  වෙන්නප්පුව නිව් යංග්ස් පරදී – ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තිය පාපන්දු තරගාවලිය

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී දැන් ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා සුපර් ලීග් වෘත්තිය පාපන්දු තරගාවලියේ

20 වැනි තරගය පෙරේදා (07) රාත‍්‍රී පැවැති අතර එය ගෝල් 02 – 01 ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ. ඒ බ්ලූ ඊගල්ස් කණ්ඩායමට එරෙහිව ය.

මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමාවන විට ද නිව් යංග්ස් සමාජය ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණේ පසු විය.

නිව් යංග්ස් ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු එම්.මුෂීකාන් 38 මිනිත්තුවේ දී ප‍්‍රථම ගෝලය ද රුමේෂ් මෙන්ඩිස්

54 මිනිත්තුවේ දී දෙවන ගෝලය ද රැුස් කළ අතර පරාජිත කණ්ඩායමේ එකම ගෝලය 86 මිනිත්තුවේ දී ඞී.එල්.ලසිත ප‍්‍රනාන්දු වාර්තා කළේය.

මෙම ජයග‍්‍රහණයත් සමගම මෙවර තරගාවලිය තුළ ප‍්‍රසාද ලකුණු 03 ක් සටහන් කර ගැනීමට නිව් යංග්ස් පිල සමත් විය. පළමුව මුහුණ දෙන ලද තරග ත‍්‍රිත්වයම පරාජය වීම සිටී නිව් යංග්ස් කණ්ඩායම මෙවර ලත් එකම ජයග‍්‍රහණය ද මෙය ලෙස සටහන්විණි.

මෙම තරගය ඒ.එම්.ජෆ්රාන් මහතා විසින් විනිශ්චය කර ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment