දයාසිරිගේ ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා

647
දයාසිරිගේ ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා

පුටුවෙන් පුටුවට යන දයාසිරි ජයසේකර ශ‍්‍රීලනිපයේ සභාපති පුටුව වුණත් ගන්න උත්සාහ කරාවි. ඇට නැති දිවෙන් එක එක විදියට කතා කරනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා මේ අයගෙන් පරෙස්සම් විය යුතු යැයි වරාය හා නාවුක කටයුතු පිළිබඳ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
 
 ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ආසන ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.
 
 බැසිල් රාජපක්‍ෂ මහත්තයා අපේ පක්‍ෂය ආරම්භ කරලා ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා. මුදල් ඇමැතිවරයා හැටියට ඒ මහතා මුලින්ම රජයට ආදායම් ලැබෙන දේශීය ආදායම්, සුරාබදු හා රේගු යන අංශ ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුා කර තිබෙනවා. රටේ ආදායම අනිවාර්යෙන්ම වැඩිකරගත යුතු වනවා.
 
 අද සෞඛ්‍ය උපදෙස් මත රට විවෘත කර තිබෙනවා. ඒ රටේ ආර්ථිකය ගැනත් බලන්න ඕන නිසා හැමෝම ගෙවල්වල නිදා සිටියොත් කොරෝනාවලින් නොවෙයි බඩගින්නෙ මැරෙන්න වෙනවා. සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරමින් රජය ආර්ථික කළමනාකරණය කරනවා.
 
 මුදල් ඇමැතිවරයා වශයෙන් බැසිල් රාජපක්‍ෂ මහත්තයා ලොකු වෙනසක් කරාවි. බැසිල් කියන්නේ හොඳ වැඩකාරයෙක්. විපක්‍ෂය බැසිල් එනවට බය ඒකයි.
 
 විරෝධතා කළ අයට එළව එළවා දුන්න අය අද විරෝධතා මර්දනය කරනවා කියා කෑ ගහනවා.
 
 එදා හාමුදුරුවරු 67 ක් හිරේ දැම්මා. අද නිරෝධායනය ගැන කතා කරනවා. 3% ක් තිබෙන ජවිපෙත්, කුරුටුගාමිනුත්, සජිත්්ගේ සජබත් අද විරෝධතා පිටුපස සිටිනවා.

 විජයසිරි විiාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment