දයා මාස්ටර්ට අත්හිටු වූ සිරදඩුවම්

206

එල්.ටී.ටී.ඊ. සංවිධානය නගා සිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත එල්.ටී.ටී.ඊ. හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් හෙවත් වේලායුදම් දයානිධි නමැත්තාට එරෙහිව ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් වවුනියාව මහාධිකරණයේ ගොනු කොට තිබූ නඩුවේ තීන්දුව පෙරේදා (25දා* ප‍්‍රකාශයට පත් විය.

වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් එහිදී දයා මාස්ටර්ට වසර පහකට අත්හිටු වූ වසර දෙකක සිර ද`ඩුවමක් නියම කරන ලදී.

දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මහාධිකරණය හමුවේ ඔහු වරද පිළිගන්නා බවත් ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සේවය කළේ මාසික වැටුපකට බවත් කියා සිටියේය.

ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව 2006 අංක 7 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට නීතිපතිවරයා විසින් 2018 ඔක්තෝබර් 19දා දයා මාස්ටර්ට එරෙහිව මෙම නඩුව පනවා තිබුණි. මෙම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා දයා මාස්ටර්ට වසර පහකට අත්හිටු වූ වසර දෙකක සිර ද`ඩුවමක් නියම කළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර් යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට භාර වී ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment