දර්ශගේ සිත්තම් ඉතාලියේදී

119

ප්‍රවීණ චිත්‍ර සහ කාටුන් චිත්‍ර ශිල්පී දර්ශ කපුගේ ගේ දර්ශගේ සිත්තම් ඒක පුද්ගල සිතුවම් දැක්ම ඉතාලියේ වෙරෝනාහිදී මැයි මස 07 වැනිදා සහ මිලාන්හිදී මැයි 13 දා පැවැත්වේ. මෙහිදී දර්ශ විසින් නිර්මාණය කරන විවිධ ශෛලීන් ඇතුළත් චිත්‍ර 50 ක් පමණ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. තෙල් සායම්, ඇක්‍රිලික්, පැස්ටල්, දියසායම් මාධ්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන දල චිත්‍ර ඒ අතර වේ. මිලාන්හි ශාන්ත ජෝසප් ජාත්‍යන්තර පාසල් ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන ප්‍රදර්ශනය අතරතුර චිත්‍ර නිර්මාණය පිළිබඳව වැඩමුළුවක්ද පැවැත්වීමට නියමිත අතර එම පාසලෙහි විදුහල්පති තිමිර වර්ණකුලසූරිය මහතා, ඉතාලියේ වෙසෙන සංගීතාචාරිණී විශාරද චන්ද්‍රිකා නිශ්ශංක, ගුණදාස කපුගේ බිරිඳ ප්‍රවීණ නර්තනාචාරිණී ප්‍රේමා කපුගේ සමග ආරාධිතයන් රැසක් මෙයට සහභාගී වීමට නියමිතය. සම්බන්ධීකරණය කුසුම් මෙන්ඩිස් විසිනි.

දර්ශගේ සිත්තම් ඉතාලියේදී
දර්ශ කපුගේ

advertistmentadvertistment
advertistmentadvertistment