දර්ශන් ධර්මරාජ් නමින් මාවතක්

127

පසුගියදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සිනමා නළු රක්වානේ දර්ශන් ධර්මරාජ් මහතා වෙනුවෙන් රක්වාන ප්‍රදේශයේ මාවතක් ඔහුගේ නමින් නම් කිරීමට යයි. මේ සඳහා සුදුසු පාරක් තෝරාගෙන සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාට දන්වා අනුමැතිය ලබාගෙන ඉක්මනින් එය ඉටුකරන බව ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත ගුණතිලක බණ්ඩාර මහතා කියා සිටී. ඒ මහතා මෙ බව කියා සිටියේ පසුගියදා පවත්වන්නට යෙදුණ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී ඔහුගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව සභාවට ඉදිරිපත් කරමින්ය. මෙම රැස්වීමට සහභාගිවීමට පැමිණ සිටි පක්‍ෂ විපක්‍ෂ සියලුම මන්ත්‍රීවරුන් ඔහුගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් අදහස් ප්‍රකාශ කළහ.

ගබ්බෙල පියදාස රක්වාන

advertistmentadvertistment
advertistmentadvertistment