දරිද්‍රතාව ඉහළට නිෂ්පාදනය 9.2%කින් පහළට

436

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද “ගෝලීය ආර්ථික අපේක්‍ෂා – 2023” නම් වාර්තාවේ මේ බව සඳහන් වේ.

මේ වාර්තාවෙහි දැක්වෙන්නේ 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සියයට 9.2 කින් පමණ පහළ යා හැකි බවයි.

දරිද්‍රතාවය හේතුවෙන් බොහෝ පවුල් පෝෂ්‍යදායී ආහාර සඳහා කරන වියදම් අඩුකර ඇති බව එහි දැක්වෙයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගලා ඒම දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට බාධා සිදුවූ බවත් බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment