දරුගැබට ප්‍රතිකාර

448

පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් විසින් එක්රැස්කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප‍්‍රකාශිතව සුරක්‍ෂිතව පවතී.

 පූජ්‍ය ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජභූමියකොට ගත්තේ බළංගොඩ ප‍්‍රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ‍්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප‍්‍රදේශයව පවතී.

 ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් මෙම සතියේ අවධානයට ලක්වන්නේ මවු කුස උප්පත්තිය හෙවත් ගර්භයට ප‍්‍රතිකාර ලෙස යොදා ගන්නා බෙහෙත් වට්ටෝරුය.

 සත්ත්වයෙක් මවු කුස උප්පත්තිය හෙවත් ගැබ පිහිටන කල පළමුවෙන්ම කරඹපලක් සේ ලේ කැටියක් හටගෙන සත් දවසකින් මහත්ව වැටකොළුපලක් සේ සිහින්ව තුන් දවසක් දියර පිටවෙයි. සතරවන දා පටන් සතියක් ඇතුළත පුරුෂයන්ගෙන් දරුගැබ පිහිටීම නිසි වූ නව කරුණකින් එක් කරුණෙකින් ස්ත‍්‍රියගේ ශ්‍රෝණියෙන් පහව වූ විට ඉතිරි වූ සිටි ස්ත‍්‍රී ශ්‍රෝණිතය පළමු කී දියරය හා එක්වෙයි. එසේ එක් වූ කල උණහපුළු පිටියකුගේ ලෝමය අග ඇති ඇසට නොපෙනෙන තරම් ස්වල්ප වූ තෙල් බිඳුවක පමණ කලල රූපයක් උපදී. එම කලලය දකුණට බර වී නම් පුරුෂ ලක්‍ෂණයකි. වමට බර නම් ස්ත‍්‍රී ලක්‍ෂණයකි. බඩ උස්ව තිබේ නම් කලලය නපුංසක ලක්‍ෂණයකි.

 දරුවා බඬේ දී නොහඬනුයේ උගුරු සෙලෙස්මාවකින් හා වැදැමසින් මුහුණ වැසී ඇති බැවිනි.

දරුගැබට ප්‍රතිකාර

ගැබ හටගත් මාසයේ දියවර සේ තිබේ. දෙවැනි මස දැඩිව තිබේ. තෙවැනි මස මාංස ද, සිවුවන මස ඇට ද හට ගනී. පස්වන මස සම් නහර හටගනී. සවන මස ලොම් හට ගනී. සත්වන මස සිහිය ඇති වේ. අටවන මස බඩගිනි ඇති වේ. නවවන මස ගැබ සෙලවෙන්න පටන් ගනී. දස වන මස ප‍්‍රසූතිය ඇති වේ.

ගැබ පුෂ්ටිමත් වීමට

 සඳුන්, ඉවද, බැවිල, පැපිලිය, වැල් කහඹිලියා, කොතඹුරු, තොටිල, රසකිඳ, සුවඳහොට, වම්මුතු කකාරා කසාය දෙන්න.

 හාතාවාරිය, වැල්මී, කිරිබදු අල යන මේවා කකාරා කසාය මී එක්කර දෙන්න.

 ගැබ පුෂ්ටිමත්වේ.

 බෙලි, ඉරිවේරිය, වම්මුතු, කොටදිඹුලා පොතු එක්කොට පොල්මල් කකාරා කසාය දෙන්න.

 හැල්කහඹිලියා, බැවිල, දියමිත්ත, සිද්දිගුරු, වම්මුතු, කොතඹුරු යන මේවා කකාරා කසාය දෙන්න. ගර්ගභනියගේ කාසය, අතීසාරය, ජවර, ග‍්‍රහණි යන මේ හැම රෝගයක්ම සුව වේ.

 දියමිත්ත, හැක්කහඹිලිය, වම්මුතු, වගපුල්, ඉවද, සිද්දිඟුරු යන මේවා එක්කර කසාය දෙන්න. ආමය, අතීසාර රෝග, ජවර කාස යන මේ හැම නසයි.

ගර්භණියගේ අතීසාරයට

 හැල්කහඹිලියා, බැවිල, දියමිත්ත, සිද්දිඟුරු, ඉවද, වම්මුතු යන මේවා කකාරා කසාය දෙන්න.

ගර්භණී කාසශ්වාසයට

 අරළු, මදු, සිද්දිඟුරු, සිරිතේක්කු, කටුකරෝහිනි යන මේවා කකාරා කසාය උක්හකුරු හා දෙන්න. ශ්වාස කාස නසයි.

ගර්භ ඡර්දියට

 සුවඳහොට, බෙලි, ඉරිවේරිය, දම්පොතු යන මෙවා කකාරා කසාය දෙන්න.

 රසකිඳ දළු කඩැපින්නේ පිස මැඬ සීනියෙන් හා මී පැණියෙන් දෙන්න. ගර්භනීන්ගේ ඡර්දි අතීසාර විංශති ප‍්‍රමේහයනට යහපති.

 බැවිල මුල් කසාය එළකිරෙන් හෝ ගිතෙලෙින් හෝ එළ වෙඬුරෙන් දෙන්න. ගැබිනියගේ සියලූ රෝගයන්ට යහපති.


 සංස්කරණය –
 හර්ෂණ අමරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment