දරුණු සිත් පාලනය කරන ප්‍රතිකාර

260

යම් පුද්ගලයකු තුළ පලිගැනීමේ සිතුවිලි, හිංසා කිරීමේ සිතුවිලි පහළ වේ නම් ඒවා යටපත් කරන සිතුවිලි වර්ධනය කරන ක්‍රියාවන්හි නිරත විය යුතුය. එනම් තම ආගම දහම අනුව දන්දීම, මෛත්‍රී සිතුවිලි වර්ධනය කර ගැනීම සඳහා තම ආගම දහමට වැඩි නැඹුරුවක් ඇතිකර ගැනීම මනස සන්සුන් කර ගැනීම සඳහා භාවනාවන්හි යෙදීම කළ යුතුය.

මනුස්සකමක් ගෑවිලාවත් නැහැ. මහ තිරිසන් ගතිගුණ තියෙන්නේ යැයි කියා ඇතැම් පුද්ගලයන්ගේ ගතිගුණ අනුව අපි පවසන්නෙමු. එසේ පවසන්නේ දරුණු සිත් ඇති අන් අයට හිංසා පීඩා ගෙන දෙන අයුරින් කටයුතු කරන පුද්ගලයන් හමුවේය.

මේ සම්බන්ධයෙන් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ ඔවුන් රූපයෙන් මිනිස් ආත්ම ලැබුවත් මනසින් මිනිස් සිතුවිලි පහළවීමේ දුර්වලතාවයන්ගෙන් යුත් පුද්ගලයන් බවය.

ඊට හේතු වී ඇත්තේ ඔවුන් තුළ නොසන්සුන්කාරී නාඩි ක්‍රියාකාරීත්වයක් පැවතීමය. එසේ වූ විට කෲර නාඩිය, පලිගැනීමේ සුළු නාඩිය, වෛරී නාඩිය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාකාරී වේ.

එවිට එම පුද්ගලයන් තුළ දරුණු සිතුවිලි පහළ වේ. පුද්ගලයකු මරා දැමීමට, පහරදීමට තුවාල සිදු කිරීමට ආශාවන් හට ගනී. ඔවුන් සතුටුවන්නේ මෙවැනි දරුණු ක්‍රියාවන් මගිනි.

ඇතැම් පුද්ගලයන්ට මෙම නාඩි ක්‍රියාකාරීත්වය උපතින්ම මතු වේ. ඒ සඳහා බලපාන්නේ ඔවුනගේ දෙමාපියන්ගේ ගති ලක්‍ෂණය. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ සිදුකිරීම ආදියට යොමුව ඇත්නම් එවැනි දරුණු සිත් ඇති අයගේ නාඩි ක්‍රියාකාරීත්වය උපදින දරුවන්ට ද බලපායි.

මේ අතර තවත් පිරිසකට ඔවුන් ජීවත්වන පරිසරයට අනුව කෲර නාඩි සහ වෛරී නාඩි, ක්‍රියාකාරිත්වය වෙනස් වේ. එනම් මත්ද්‍රව්‍ය, මත්පැන් ආදිය අලෙවි කරන සමාජ පරිසරයක ජීවත්වීමේදී නිතර තමාට දකින්නට අසන්නට ලැබෙන ක්‍රියාවන් තුළින් ඔවුන්ගේ සිත් දරුණු වේ.

දරුණු සිත් පාලනය

යම් පුද්ගලයකු තුළ පලිගැනීමේ සිතුවිලි, හිංසා කිරීමේ සිතුවිලි පහළ වේ නම් ඒවා යටපත් කරන සිතුවිලි වර්ධනය කරන ක්‍රියාවන්හි නිරත විය යුතුය. එනම් තම ආගම දහම අනුව දන්දීම, මෛත්‍රී සිතුවිලි වර්ධනය කර ගැනීම සඳහා තම ආගම දහමට වැඩි නැඹුරුවක් ඇතිකර ගැනීම මනස සන්සුන් කර ගැනීම සඳහා භාවනාවන්හි යෙදීම කළ යුතුය.

මෙවැනි පුද්ගලයන් සත්ත්ව මාංශ අනුභවයෙන් ඈත්විය යුතුය. එළවළු වර්ග පමණක් ආහාරට ගැනීමට හුරු විය යුතුය. සත්ත්ව මාංශ ආහාරයට ගැනීම නිසා පවතින දරුණු සිතුවිලි තවත් වර්ධනයට හේතුවන බව මහා සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත.

භාවනා කටයුතුවල යෙදීමේදී ගස්වැල්, ඇළ දොළ ආශ්‍රිත ස්වභාවික පරිසරයක සිට එහි නිරත වීමේදී එම ගස්වැල් ඇළ, දොළෙහි ඇති විශ්ව ශක්තිය ද සිරුරට ලැබීමෙන් මනස වඩාත් සන්සුන් කරගත හැකිවේ.

දිනපතා අලුයම අවදි වී පිරිසිදු ඇල් ජලය වීදුරුවක් පානය මගින් සිරුරේ ඇති විෂ සහිත අපද්‍රව්‍ය මළ සහ මුත්‍රා මගින් පිට කළ හැකිය. එවිට ඒවා සිරුර තුළ තිබීම නිසා ඉන් ඇතිවන පීඩාවන්ගෙන්ද මනසට දැනෙන අපහසුතාවය අවම කරගත හැකිය.

මෙවැනි දරුණු සිත් ඇති පුද්ගලයන්ට යෝගී ව්‍යායාමවල යෙදීම, සුරතල් මසුන් ඇතිකිරීම, සුරතල් බලු පැටවුන් ඇතිකිරීම සඳහා යොමුවීම මගින් නොසන්සුන් මනස සන්සුන් කිරීම සහ ආදරය කරුණාව ප්‍රීතිය ඇති කිරීම මගින් අන් අයට හිංසා කරන සිතුවිලි පහළවීම මැඬපැවැත්විය හැකිය.

වැඩි වැස්තර සඳහා දුරකථන අංක 0776500677 ඇමතිය හැකිය.

අගුලාන දුම්රියපොළ පාර ලියන්වෙල ඍෂි නාඩි මධ්‍යස්ථානයේ ඍෂි නාඩි වෛද්‍ය
මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment