දරුණු සුළඟින් සීදුව නිවාස රැසකට හානි: දෙනෙත් නොපෙනෙන අයගේ නිවසකුත් ඒ අතර

1

24 වැනිදා රාත්‍රියේ වර්ෂාවත් සමග දරුණු සුළඟක් හඹා ගොස් සීදුව මූකලන්ගමුවේ නිවාස විසි අටක වහලයන් ගැලවී ගොස් පූර්ණ හානි ඇත. එසේ සිදුවූ හානි අතර දෙනෙත් අන්ඳ පවුලකගේ නිවසේ වහලය මුළුමනින්ම ගැලවී ගොස් තිබුණි.

මෙම සිදුවීම සිදුව තිබූ 145 -බී , බටහිර මූකලන්ගමුව නිවාස 22ක් සහ 145 ඒ, නැඟෙනහිර මූකලන්ගමුව නිවාස 06ක් වන බවත් තවත් ආයතන දෙකක වහලයන්ට සහා මුකලන්ගමුව බණ්ඩාරනායක විදුහලේ විශාල ගසක් ද පෙරලී ගොස් ඇති බවත් 145 බී, බටහිර මූකලන්ගමුව භාර ග්‍රාමනිලධාරීනී ජී.කේ. නිලන්ති කුමාරි මහත්මිය පැවසීය.

ආනන්ද නිශ්ශංක කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment