දරුණු සුළි කුණාටුවකින් නවසීලන්තයට හානි

157

උතුරු දිග නවසීලන්තයට කඩා වැදී ඇති ‘ගේබ්‍රියල්’ නමැති දරුණු සුළි කුණාටුව හේතුවෙන් එරට ජනගහනයෙන් තුනෙන් එකක් විපතට පත්ව ඇති අතර සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් සිය ජීවිත බේරා ගැනීම සඳහා විශාල පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා පිහිනා යෑමට සිදුව ඇති බව වාර්තා වී ඇත. මිලියන 5.1ක් වන නවසීලන්ත ජනගහනයෙන් තුනෙන් එකක් මෙම සුළි කුණාටුව කඩා වැදුණු ප්‍රදේශවල ජීවත් වන බව අනාවරණය වී තිබේ.

ජල ගැලීම් සමග විදුලි කණු කඩා වැටීමෙන් උතුරු නවසීලන්තයේ නිවාස දෙලක්ෂ විසි පන්දහසකට පමණ ඊයේ (14දා) වන විට විදුලිබලය ඇනහිට තිබූ අතර රජය විසින් විපතට පත් ප්‍රදේශවලට හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර තිබිණි. මෙම සුළි කුණාටුව හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් ගස් කඩා වැටී ඇති අතර මහා මාර්ගවල පිහිටි සංඥා කුලුනු මුදුණින් කඩා වැටී ඇති බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment