දරුඵල අහිමි කරන වාස්තු දෝෂ

343

තම පුතාට හෝ දියණියට නිසිකල ආ විට සුදුසු විහායයක් කරදීමට එම දෙමාපියන් උත්සාහ කරන්නේ තමන් මිය පරලොව යාමට පෙර දරු මුණපුරෙකු මිනිපිරියකු දැකබලා ගැනීමේ ආශාව නිසාය. තවත් සමහරකු තමාගේ දේපළ තම දරුවාගෙන් පසුව පිටට යානොදී පරම්පරාවට අයිතිවීම සඳහායි. කෙසේ හො නිවසක දරු උපතක් සිදු නොවේ නම් එම නිවසේ අනාගතයේ පරම්පරාව යාවත්කාලීන නොවනු ඇත. සමහර නිවාස වල විවාහයට පත් අඹු සැමියන්ට තමන් විවාහයට පත්වී වසර ගණනාවක් ගෙවී ගියද දරු සුරතල් බැලීම සිහිනයක් බවට පත්වේ. එවිට සමාජයෙන් පවා ගැරහුමට ලක්වේ. තම පවුලේ දෙමාපියන්, ඥාතීන්ගේ දෙපාර්ශ්වයම එකිනෙකට චෝදනා කරගනී. අවසානයේ අඹු සැමියන් දික්කසාදය දක්වා මේ ගැටුම වර්ධනය වේ. මෙලෙස සිදුවීමට හේතුවන කරුණු බොහෝ තිබේ.

දරුඵල අහිමි කරන වාස්තු දෝෂ
  1. පූර්ව සංසාරයේ දෙමාපියන් මනුෂ්‍ය හෝ තිරිසන් ආත්මවල දරු පවුල් විනාශ කිරීම, ඒවාට අනුබල දීම, සම්බන්ධ වීම, දරුවන්ගේ විනාශයට කටයුතු කිරීම ආදී සෘජුව හා වක්‍ර සම්බන්ධවීම් යන අකුසල් වලට දායක වීම හා එම අකුසල් ශක්තීන් ආත්ම ගතව ඔවුන් පසුපස පැමිණීම.
  2. විද්‍යාත්මක හේතු
  3. දෙමාපියන්ගේ ජානමය තත්ත්වයන්
  4. උපන් මොහොතේ ඇතිවූ රෝගී තත්ත්වයන්
  5. නිවසක වාස්තු දෝෂ

මෙහිදී අපට වැදගත් වන්නේ නිවසක වාස්තු දෝෂ දරු උපත් කෙරෙහි බලපානවා ද යන්නය.

විවාහයට පත්ව වසර ගණනාවක් අඹු සැමියන් වෛiවරු විශාල ප්‍රමාණයක් මුණගැසී, හොඳයි කියන ආගමික සිද්ධස්ථාන, දේවාල,කෙම් ක්‍රම, යන එකී නොකී සෑම දෙයක්ම සිදුකර කිසිම ප්‍රතිඵලයක් නොලද කරකියා ගත නොහැකි දුක් සුසුම්ලන අඹුසැමියන් කොතෙක් ඇද්ද?

දරුඵල අහිමි කරන වාස්තු දෝෂ

ඒත් ඒ අයගෙන් කීයෙන් කී දෙනාද නිවසක වාස්තු දෝෂ නිසා දරුඵල නැතිවෙනවා යැයි සිතන්නේ.

සමහරකු කියයි ඔය වාස්තුකාරයන්ට පිස්සු කියලා. නමුත් එසේ වීමේ සම්භාවිතාව ඉතා වැඩි බව දිනක වැටහේවි. නිවසක් යනු වැලි, ගඩොල්, සිමෙන්ති, උළු, ලී දඬු එකතුවී සාදන ලද්දක්ම වුවද මෙය විශ්වය හා සම්බන්ධ වී විශ්වයේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාෂ යන පංච මහා ශක්තීන් ලබාගන්නා, තැන්පත් කරගන්නා බෙදාහරින මධ්‍යස්ථානයකි. මේවා නිසි ලෙස කළමනාකරණය කරන ස්ථානය නිවසයි. එසේ නම් මෙහි ඇතිවෙන යම් කිසි විපරිතතාවයන් වලදී නොසිතන දේ වලට අපගේ ජීවිතය මුහුණ දේ. ඒ අතරින් නිවසක වාස්තු දෝෂ නිසා දරුඵල අහිමිවීම තවත් එක් සාධකයක් පමණි. නිවස පිහිටි භූමිය ගැන ප්‍රථමයෙන් ගතහොත් භූමියේ යම් යම් හැඩතල හා උස්වීම්ද පහත්වීම්ද මේ කෙරෙහි ප්‍රධාන බලපායි.

  1. මූර්ණකාර භූමියක (බෙරයක හැඩ) පදිංචි නිවසක බිරිඳට මාරක අපල සේම දරුඵල අහිමි කරයි.
  2. නිරිත දිශාව දික්ව ඇති භූමිවල පදිංචි නිවෙස්වල බිරින්දෑවරුන්ටද දරුඵල හීනවේ.
  3. නිවස පිහිටි මිදුලේ සතරකොන් උස්වි මධ්‍යය පහත්වීම නිවසේ දරුඵල හිනවීමට තවත් හේතුවකි.
  4. දකුණ, බස්නාහිර නිරිත යන දිශාවන් පහත්ව පිහිටි භූමියක පදිංචි නිවසක බිරින්දෑවරුන්ට දරුඵල හීනවේ.
  5. දකුණු දිශාවේ පිහිටි ළිඳක් තිබෙන භූමියක පදිංචි ස්ත්‍රීන්ටද මාරක විපත් හා දරුඵල පිළිබඳ ගැටලු පැන නගී.

ඒවා භූමි දෝෂය නිවාස සැලකීමේදී

  1. නිවසක ප්‍රධාන ද්වාරය තැබීමේදී එය තැබිය යුත්තේ දිග ප්‍රමාණය 8 න් බෙදා පාද 08 කට වෙන් කිරීමෙනි. එහිදී ශීඛි, පර්ජන්‍ය, ජයන්ත ආදී නම් වලින් කොටස් කර ඇති අතර 2. පාදය වූ පර්ජන්‍ය පාදයේ ප්‍රධාන ද්වාරය තැබීමෙන් එම නිවසේ ස්ත්‍රීන්ට දරුඵල අහිමිවීමට ඉඩ තිබේ.
  2. ඒ වගේම නිවසක ද්වාර සටහන බටහිර, දකුණ පමණක් වී ඇති විට එය මනෝරම්‍ය ගණයට අයත් වේ. එවැනි ගෘහ වල පදිංචි ස්ත්‍රීන්ටද දරුඵල නොමැතිවීමට ඉඩ ඇත.
  3. නිවසේ ජනෙල් සංඛ්‍යාව වැඩිවීමද දරුඵල කෙරෙහි බලපායි. නිවසට අනවශ්‍ය ලෙස ආලෝකය පැමිණීම විශාල ජනෙල් ප්‍රමාණයක් දැමීමෙන් සිදු වේ.
  4. ගිණිකොන දිශාව තුළ යම් නිවසක වැසිකිළි වළ පිහිටා තිබෙන විට එම නිවසේ වෙසෙන ස්ත්‍රීන්ගේ බඩෙ ගර්භාෂයේ රෝග හටගැනීමේ ප්‍රවනතාවය වැඩි වේ. මේ සමඟ එය දරු උපත් කෙරෙහිද බලපානු ඇත.
  5. යම් නිවසක ජල ටැංකිය නැගෙනහිර දිශාව තුළ ස්ථාපිත කර ඇති විටෙක එම නිවසේ වෙසෙන ස්ත්‍රීන්ට දරුඵල කෙරෙහි එය බලපවත්වයි.
  6. නිවසක ප්‍රධාන නිදන කාමරය පිහිටි කාමරයට උඩින්ම උඩමහලේ වැසිකිළියක් පිහිටා ඇත්නම් නිදන කාමරයේ නිදන අඹුසැමියන්ට දෝෂ ගෙනදේ. එහි ප්‍රතිඵලය බිරිඳට දරුඵල අහිමිවීමය.
  7. නිවසක් වාස්තු විද්‍යානුකූලව ඉදිකිරීමේදී එම නිවසේ සතර දිශාවන් චතුරශ්‍රව පැවැතිය යුතුය. අත්තිවාරම ශූන්‍ය නොවිය යුතුය. ගිනිකොන, නිරිත දිශාවන් ශූන්‍යව පිහිටා නිවාස ඉදිකර පදිංචි වීමෙන් එහි ජීවත්වන කාන්තාවට බලපාන දෝෂයකි දරුඵල අහිමිවීම.
  8. සමහර පැරණි නිවාස වල මෙන්ම, ගල්කොරි අසලද පිහිටි බොහෝ නිවෙස් වල දෙපැත්තේ බිත්තිය පුපුරා මුදුන් යටලීයද පහත්ව පිහිටි නිවාස වල ස්ත්‍රීන්ටද එය ඇගේ දරු සහිනය කෙරෙහි බල පවතිනු ඇත.
  9. විශේෂයෙන් මහල් නිවාස වල තරප්පු පේළියයට පිහිටි වැසිකිළිය වගේම, තරප්පුව යට පිහිටි කාමරයක වෙසෙන ස්ත්‍රීන්ටද දරුඵල හීනවනු ඇත.
  10. උතුරු දිශාවට – නැගෙනහිර දිශාවට – ඊසාන දිශාවට අන්ධ බිත්ති ඊකසබා අ්කක තබා ඇති නිවසද දරු ඵල අහිමි කරයි.
  11. නිදන කාමරයේ නිදන ඇඳ උතුරට හිස දමා නිදා ගැනීම නුසුදුසුය. අඹුසැමියන් හිස ආශ්‍රිතව රෝගී වේ. මානසික පීඩනය ඇති වේ. එය බිරිඳට දරුඵල අහිමි කිරීමට තරම් ප්‍රබල විය හැකිය.

ඉහත දෝෂ වලින් තොරව ඔබගේ භූමිය නිවාස දෝෂයන් ඉවත්කරගෙන වෛi කටයුතු, භාරහාරවිම්, දේව පූජා, ග්‍රහ පුජා පවත්වන්න. ඒවායේද නියම ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ ස්ථාන ගත දෝෂ ඉවත්වීම තුළිනි.

පැසවූ තුවාලයක වුවද සුවය ලැබීමට නම් එහි සැරව ඉවත්කර බෙහෙත් දැමිය යුතුය. සැරව ටික තුවාලය අභ්‍යන්තරයේ පවතින තුරු එය මතුපිටට බෙහෙත් දැමීම ඵල රහිතය.

දරුඵල අහිමි කරන වාස්තු දෝෂ

දේශබන්දු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද
ඩබ්. කේ.ඒ.එම්.චන්ද්‍රසිරි
දු.ක.-0777856649
සඳලංකාව

advertistmentadvertistment
advertistmentadvertistment