දරුඵල පමාවට තවත් හේතුවක්

399

ප‍්‍රශ්නය – PCOS හෙවත්  Polycystic Ovary Syndrome නමැති රෝග තත්ත්වයක් ගැන අපි ඔබ සමග අද කතා කරනවා.

 වෛද්‍ය කෞමදී කරුණාගොඩ මෙහිදී සිදුවන්නේ ඩිම්බ කෝෂය තුළ ඇන්ඞ්රොජන් නමැති පිරිමි ලිංගික හෝමෝනය අසම්මත ප‍්‍රමාන වලින් ඩිම්බ කෝෂය තුළ නිෂ්පාදනය වීමයි. සාමාන්‍යයෙන් මේ හෝමෝනය සුළු ප‍්‍රමාණ වලින් ඩිම්බ කෝෂවල තිබෙනවා. මේ අනුව ඩිම්බ කෝෂය තුළ ෆයිබ්‍රොයිඞ් වැනි එහෙත් ඉතා කුඩා ප‍්‍රමාණයේ ගැටිති විශාල ප‍්‍රමාණයක් හට ගන්නවා. මේ ගැටිති තුළ කිසියම් දියරයක් පිරී තිබෙනවා. මේ දියරය හටගන්නේත් ඩිම්බ කෝෂය ආශ‍්‍රයෙනුයි.

 ප‍්‍රශ්නය – මෙය හානිදායක තත්ත්වයක් වන්නේ කෙසේද?

 වෛද්‍ය කෞමදී කරුණාගොඩ – ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් මුදාහැරෙන විට ඩිම්බ මෝචනය හටගන්නවා. ඩිම්බ මෝචනයේදී අපේක්ෂා කරන්නේ පිරිමි ශුක‍්‍රානුවක් සමග එකතු වී ගැබ් ගැනීමක් සිදුවීමයි. ඩිම්බය සාර්ථක ලෙස පිරිමි ශුක‍්‍රානුවක් සමග එකතු වී ගැබ් ගැනීමක් සිදු නොවුනොත් මාස් ශුද්ධියේදී ඩිම්බය පිටවෙනවා.

දරුඵල පමාවට තවත් හේතුවක්

ප‍්‍රශ්නය – ඩිම්බ කෝෂය ආශ‍්‍රිත වෙනත් ගැටලු මොනවද?

 වෛද්‍ය කෞමදී කරුණාගොඩ ඇතැම් අවස්ථාවලදී ඩිම්බ මෝචනයක් සිදුවීමට අවශ්‍ය තරම් හෝමෝන කාන්තා සිරුර තුළ නිෂ්පාදනය වෙන්නේ නෑ. නිසි පරිදි ඩිම්බ මෝචනය නොවීමේදී ඩිම්බ කෝෂය තුළ කුඩා ගැටිති හටගන්නවා. ඇන්ඞ්රොජන් නමැති හෝමෝනය බහුල වශයනේ නිෂ්පාදනය වීම සිදුවන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ඡුඣී රෝග තත්ත්වය තියෙන කාන්තාවන් තුළ ඇන්ඞ්රොජන් බහුල වශයෙන් නිෂ්පාදනය වෙන්නේ මේ නිසයි. මේ තත්ත්වය නිසාම කාන්තාවකගේ ඔසප් චක‍්‍රය අවුල් වෙනවා.

ප‍්‍රශ්නය – මෙය සුව කරන්නට පුළුවන්ද?

 වෛද්‍ය කෞමදී කරුනාගොඩ – මෙය සුව කිරීම සඳහා සුදුසු ඖෂධ ආයුර්වේදයේ තිබෙනවා. ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

 නොමිලේ විස්තර සඳහා 0777620948

advertistmentadvertistment
advertistmentadvertistment