දරුඵල ප්‍රමාද අයට ජ්‍යොතීෂයෙන් පිළියම්

525

වෘහත් පරාසර හෝරා ශාස්ත‍්‍ර ග‍්‍රන්ථයේ පරාශර මුනිතුමන් දරුපල ගැන සඳහන් කරමින් දරුවන් හිමි, දරුවන් අහිමි කලකින් දරුවන් ලබන සහ දේවතාරාධාරයෙන් දරුවන් ලබන යෝග වශයෙන් කරුණු දක්වා ඇත.

දරුවන් සම්පතක් බව සැබෑ වුවද, දරුඵල අහිමිව, දරුවන් පතා වත් පිළිවෙත්වල නියැළෙන පිරිස් සැබැවින්ම තමන්ට දරුවන් අහිමි ද යන්න විමසා බැලිය යුතු වේ. විශේෂයෙන්ම තමන්ට දේවතාරාධනයෙන් දරුවන් හිමි ද යන්න විමසා බැලිය යුතුය.

දරුඵල අහිමි වීම සඳහා පෙර භවයේ ශාප දැඩි ලෙස බලපායි බලපායි. සර්ප ශාප, මාතෘ ශාප, පීතෘ ශාප, සහෝදර ශාප, මාමාවරුන්ගේ ශාප, ස්ත‍්‍රී ශාප, පේ‍්‍රත ශාප සහ බ‍්‍රහ්ම ශාප යනාදී ලෙස මෙම ශාප හඳුන්වා දී තිබේ.

දෙවනුව දරුවන් අහිමි වී ඔබ හෙවත් වද යෝග හඳුන්වා දී ඇත. මෙම යෝග අතරින් ඉතාම වැදගත් වනුයේ දේවතාරාධනය දරුවන් ලබාගැනීමේ යෝග වේ. ජන්ම හිමියාගේ ලෞකික සැප සම්පත් සඳහා කරන ඉල්ලීම් අපගේ පාලක දේවතාවට කළ යුතුවේ. මේ අනුව අපගේ කේන්ද්‍රයේ දේවතාරාධනයෙන් දරුවන් ලබන යෝග පවතින්නේ නම් තම පාලන දේවතාවට සහ දුර්ගා මෑණියන්ට කරන පිළිවෙත්, වන්දනා මගින් තම බලාපොරොත්තු සඵල කරගත හැකිය.

අපි මෙම දරුඵල හිමිවන යෝග කිහිපයක් වෘවත් පරාශරය ඇසුරින් අධ්‍යනය කරමු.

ලග්නාධිපති බුධ හිමි මිථුන හෝ කන්‍යා රාශියක වී කුජ හා ශනි පස්වැන්නේ තැන්පත් වීම හෝ ලග්නාධිපති බුධ දැකීම දේවතාරාධනය දරුපල හිමි කර දෙයි.

සිකුරු හිමි වෘෂභ ලග්නය හෝ ශනි හිමි කුම්භ ලග්නයේ සිට පස් වැන්නේ තැන්පත් වී ඇති ගුරු ද බලවත් නම් දේවතාරාධනයෙන් දරුවන් හිමිවේ.

ශනි සමඟ යෝග වූ පස් වැන්න අධිපති ශනි විසින් දකිද්දී, කුජද ශුභ ග‍්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්ව ලග්නාධිපති මිථුන හෝ කන්‍යා නවාම්ශගත වී නම් දේවතාරාධනයෙන් දරුඵල හිමි වනු ඇත. පස් වැන්නේ බලවත්ව ශනි හෝ බුධ තැන්පත්ව සිටියදී, පස්වැන්න අධිපතියාද සුබ ග‍්‍රහයන්ට යෝගව සත්වැන්න අධිපති ද එකොළොස් වැන්නේ නම් ඔහුට ද දේවතාරාධනය දරුවන් හිමිවනු ඇත.

පස්වැන්න අධිපති නමවැන්නේ තැන්පත් වූ නමය අධිපති දසවැන්නේ වී පස් වෙන්නේ මාන්දි තැන්පත් වීම ද, ලග්නාධිපති සිකුරු උච්චව, ශනි පස් වන්නේ වී ගුරු බලවත් වීමද දේවතාරාධනයෙන් දරැවන් ලබාදෙයි. මෙතෙක් පැවසූ යෝග දරුවන් හා පුතුන් වශයෙන් සඳහන් වුවද පොදුවේ දරුඵල සඳහා කියවුණු යෝග බව පෙනේ. විශේෂයෙන් දරුවන් හිමිවන යෝග කිහිපයක් ද පරාශරය ද පෙන්වා දෙයි.

පස්වැන්න අධිපති සඳු ලග්නයේ තැන්පත්ව පස් වැන්නේ සෙනසුරු තැන්පත්ව පුත‍්‍රකාරක ගුරු බලවත් නම් දේවතාරාධනය කිරීමෙන් දුවක් හිමිවේ.

පස්වැන්න අධිපති ගුරු ලග්නයේ තැන්පත්ව ශනි සහ කුජ පස්වැන්නේ වී පස්වැන්න අධිපති බලවත් වීමෙන් දේවතාරාධනය දුවක් හිමිවනු ඇත.

ලග්නාධිපති බුධ පස්වැන්නේ තැන්පත්ව කුජ දකීද, එකොළොස්වැන්නේ ගුරු තැන්පත් නම් දියණියක හිමිවේ. ලග්නාධිපති ගුරු පස්වැන්නේ වී ශනිගේ දෘෂ්ටි ලබද්දී පස්වැන්න අධිපති කුජගේ රාශියක නම් දේවතාරාධනය දරුවන් විශේෂයෙන් දියණියක ලබනු ඇත.

මාන්දිගේ පිහිටීමද දරුඵල සඳහා පරීක්ෂා කෙරේ. විශේෂයෙන් බුධ, ගුරු හා ශනි කුජ යන ග‍්‍රහයන්ගේ පිහිටීම දේවතාරාධනයෙන් දරුඵල හිමි ද යන්න පරීක්ෂා කිරීමේදී වැදගත් වේ.

පස් වැන්නේ පාප ග‍්‍රහයන් තැන්පත් වීම මේ අනුව දරුඵල අහිමි කරන යෝග නොවේ විශේෂයෙන්ම රාහු පස්වැන්නේ තැන්පත් වුවද ශනි හිමි නවාම්ශයක නොවන්නේ නම් දරුඵල සඳහා බාධාවක් නොවේ.

බොහෝ දරුවන් හිමිවන යෝග රැසක් ද වෘහත් පරාශරය හඳුන්වා දෙයි. ලග්නාධිපති පස් වැන්නේ තැන්පත්ව පස්වැන්න අධිපති ලග්නයේ වී බලවත් ගුරු ගුරු කේන්ද්‍රස්ථානයක හෝ ත‍්‍රිකෝණස්ථානයක වී නම් බොහෝ දරුවන් හිමිවේ.

විවාහක දෙදෙනාගෙන් එක් අයෙකුගේ කේන්ද්‍රයක දරුඵල හිමි යෝග පවතී නම් විශේෂයෙන් අනෙක් කේන්ද්‍රයේ දේවතාරාධනය ලබන දරුඵල පිළිබඳ පරීක්ෂා කළ යුතුවේ. දෙදෙනාගේම කේන්ද්‍රවල දේවතාරාධනය ලබන දරුඵල හිමි නම් තම තමන්ගේ පාලන දේවතා නැමදීම, ඉෂ්ට දේවතා නැමදීම මගින් දරු පල ලබා ගත යුතු වේ.

දරුඵල සඳහා කේන්ද්‍ර පරීක්ෂාවේදී පුත‍්‍ර පාදය හා ආරූඪ ලග්නයේ පිහිටීම, පුත‍්‍ර කාරක ගුරු පුත‍්‍රකාරක ගුරුගේ පිහිටි වැදගත් වේ. පුත පාදය හෙවත් පස්වැන්නේ පාද ලග්නය ආරූඪ ලග්නයට ත‍්‍රිකෝණ ගතව පිහිටීම ප‍්‍රබල පුත යෝගයක් වේ.

කිරින්දේ ඞී. ඒ. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment