දරුවකුට ශාන්තිකර්මයක් කරන මුවාවෙන් මැණික් නිධානයක් ගන්න හැදූ පිරිස අත්අඩංගුවට

99

දරුවකුට ශාන්ති කර්මයක් කරන මුවාවෙන් පොලොන්නරුව 4 ඇළ ප්‍රදේශයේ ඉඩමක මැණික් නිධානයක් ගැනීමට තැත්කළ කොල්ලකරුවන් හතර දෙනෙක් පොලොන්නරුව කොට්ඨාස අපරාධ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල හැඳල සහ කුරුණෑගල උඩදිගල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් නොමඟ යැවීම සඳහා නිධන් වස්තුව ඇතැයි කියන ස්ථානයේ ඉඩම් අයිතිකරුගේ දරුවෙක් සඳහා ශාන්ති කර්මයක් කරන බව පෙන්වීමට නිධන් කොල්ලකරුවන් උත්සහ කළ බවද වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවසීය.

වෙස් වලාගෙන සැඟවී සිටි පොලිස් නිලධාරීන් කපුවා සමග එක්වී පුද පූජා පවත්වමින් සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භාණ්ඩවලට අමතරව නිධන් හෑරීමට උපයෝගි කරගත් එම ස්ථානයේ තිබුණ කඩුවක්, උල් පිහියක්, යකඩයක්, මිටියක්, කුළු ගෙඩියක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි එම්.සී. චානක යන අයගේ උපදෙස් පරිදි පොලොන්නරුව කොට්ඨාස අපරාධ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජාගොඩ, පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩා, පොලිස් සැරයන් 68973 අතාවුද, 42229 රංග, 71750 චින්තක, පොලිස් කොස්තාපල් 73393 වීරසිංහ, 34968 නිශ්ශංක, 29257 රාජකරුණා, රියදුරු පොලිස් සැරයන් 33869 ප්‍රශාද් යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි.

ඇලහැර නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment