දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට ඉදිරියට එන්න – ඇමැති විමල් වීරවංශ ගුරු සංගම්වලින් ඉල්ලයි

238


* 5000 කතාව පැත්තකට දමා පොදු විසඳුම පිළිගන්න

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට තමන් කටයුතු කළ බවත්, එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැඳ

ඇරැුයුම් කරන බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට පත්කළ අමාත්‍ය අනු කමිටු සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (01 වැනිදා) නාරාහේන්පිට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Zoom තාක්ෂණය ඔස්සේ පැවැති රජයේ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

අප ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ඇතුළත් වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම ප‍්‍රශ්නය විසඳීමට අදාළව තීරණ රැුසක් පසුගිය සදුඳා ගනු ලැබුවා. පළමුවැන්න ‘අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතිපත්තියක් ලෙස අනුමත කිරීම’ යන්නයි. දෙවැන්න ‘ගුරු සේවය, ගුරු උපදේශක සේවය හා විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් 2021 නොවැම්බර් 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීම’ යන්නයි. ඔබ දන්නවා මෙම සේවාවන් තුන ඒකාබද්ධ කොට එක සේවාවක් බවට පත් කිරීමේදී නව සේවා ව්‍යවස්ථාවක් සැකසිය යුතුයි. මෙම සේවාවන් තුන ඒකාබද්ධ කොට හදන සංවෘත සේවාවට, අධ්‍යාපන පරිපාලන සේවයට යෑමට ‘පාලමක්’ සාදා දිය යුතුයි. ඊට ගැළපෙන පරිදි අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. මෙවැනි ක‍්‍රියාකාරකම් ජාලයක් තිබෙන නිසා තමයි අපි නිර්දේශ කළේ 2021 නොවැම්බර් 20 ට පෙර මේ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බවට. අමාත්‍ය මණ්ඩලය ද එම නිර්දේශය ඉතා නිවැරදිව පිළිගෙන තිබෙනවා. ගුරු විදුහල්පතිවරුන් බොහෝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මෙම ඉල්ලීම ඉටුවන අතරේ අමාත්‍ය මණ්ඩලය ඊළඟට අනුමත කළා ‘අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම’ සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන් 2022 අය-වැය යෝජනාවක් මගින් අදියරගතව ක‍්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම’ යන්න.

මොනවාද මේ ‘නිර්දේශිත වැටුප් සංශෝධනයන්’ කියන්නේ? එහි පළමු ඇමුණුමේ තිබෙනවා වැටුප් වර්ධනය වන අන්දම. ඒ අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට(SLPS III) වැටුප් වැඩි වෙනවා 19.54% කින්. එනම් 35,280, 42,175 දක්වා වැඩි වෙනවා. ඒ වගේම විදුහල්පති සේවයේ දෙවන ශ්‍රේණියට (SLPS II)  වැටුප් වැඩි වෙනවා 21.59% කින්. එනම් 40,040, 48,685 දක්වා වැඩි වෙනවා. විදුහල්පති සේවයේ පළමුවැනි ශ්‍රේණියට (SLPS I) වැටුප් වැඩි වෙනවා 25.95% කින්. එනම් 46,325, 58,345 දක්වා වැඩි වෙනවා. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමත් මෙලෙසමයි.’

SLTS 3 – II ශ්‍රේණියට වැටුප් වැඩි වෙනවා 13.52% කින්.
SLTS 3 – I C ක්‍ ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 15.64% ක්. SLTS 3 – I B  ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 18.48% ක්. එලෙසම SLTS 3 – I A ශ්‍රේණියට 20.43% කින් වැටුප් වැඩි වෙනවා. මෙම වැටුප් වැඩිවීම් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

මෙම වැටුප් වැඩිවීම් නොවැම්බරයේදී ඉදිරිපත් කරන අය-වැයත් සමග ක‍්‍රියාත්මක වෙනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මහා භාණ්ඩාගාරයට දරාගත හැකි ආකාරයට මෙම වැටුප් වැඩිවීම ලබාදීමට අපි අනු කමිටුව ලෙස විවෘත ඉඩකඩක් තබනු ලැබුවා. මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම්, ‘අපට මෙම ගෙවීම් එකවර කළ හැකියි’ කියා මුදල් ඇමැතිතුමා ඒ අදහස අයවැය කතාවේදී කියයි. මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම් ‘මෙය අදියර දෙකකින් ලබාදිය යුතුයි’ කියා එය මුදල් ඇමැතිතුමා අයවැය කතාවේදී සඳහන් කරයි. එයයි අපි අතර ඇතිවී තිබෙන එකඟතාව.

මීට අමතරව අපි තවත් ගුරු විදුහල්පති සේවාවන්ට අදාළ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ල පළාත් සභාවන්හි අධ්‍යාපනයට අදාළ බලධාරීන් සමග එක්ව මාස 06 ක් ඇතුළත ක‍්‍රියාත්මක කරන ලෙසද කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා. ‘ශ‍්‍රී ලංකාවේ සමස්ත ගුරු ප‍්‍රජාව උපාධිධාරීන් බවට පත් කිරීම අපගේ විශේෂිත අරමුණක්. ඒ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ලෙස පවත්වාගෙන යන පීඨ 18ම විශ්ව විද්‍යාල පීඨ බවට පත් කළ යුතුය යන්න එම නිර්දේශ අතර තිබෙනවා. විදුහල්පතිවරුන්ට වෙනම කාර්ය මණ්ඩලයක් ලබාදීම, අනෙකුත් රජයේ මාණ්ඩලික නිලධාරීන්ට මෙන් ඉන්ධන දීමනාවක් ලබාදීම ආදී පහසුකම් ලබාදීමටත් අපි ඉදිරිපත් කළ අනෙකුත් නිර්දේශවලට ඇතුළත් වේ. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අභිමානය පිළිගැනීම, අනන්‍යතාව පිළිගැනෙන පරිදි කාර්යාල පරිසරය සැකසීම, රටෙහි පවතින තත්ත්වය හමුවේ කාර්යක්ෂමව මාර්ගගතව ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යෑමට තාක්ෂණ උපකරණ සපයා ගැනීමට සහනදායී ක‍්‍රමවේදයන් හඳුන්වාදීම ආදිය ද අපේ නිර්දේශවලට එක්කොට තිබෙනවා.

මෙවැනි වසංගත අභියෝගයක් පවතින මොහොතක රජයක් විදියට දෙන්න පුළුවන් සාධාරණම විසඳුම තමා මේ දීලා තිබෙන්නේ. කවුරුහරි මේ නිර්දේශවල ‘සුබෝධිනීගේ නම නැහැ’ කියා කෑගසනවා නම් ඒ ‘මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා‘ මිස වෙන කවුරුවත් නොවෙයි. අපි අනුකමිටුව ලෙස නිර්දේශ කළේ නැහැ ‘අය – වැය ගෙන එනතුරු මාස 02 ක් රුපියල් 5000 බැගින් දෙනවා’ කියා. ඒක වැඩි හොඳක් ලෙස දැකලා කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍යතුමන් තමා යෝජනා කළේ.

එය ඇත්තටම සද්භාවයෙන් කළ යෝජනාවක්. වෘත්තීය සමිති කියනවා නම් ‘ඒක එපා. ඒකත් තියාගෙන අයවැය යෝජනාවෙන් වැටුප් වැඩිවීම් ලබාදෙන විට එම මුදලූත් යොදාගන්න’ කියා එය ද ප‍්‍රශ්නයක් නැහැ. ඒක විවාද කරන්න කරුණක් නොවෙයි. ‘5000 කතාව’ පැත්තකට දමලා මේ පොදු විසඳුම පිළිගන්න, කියා අපි මේ රටේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ප‍්‍රභාත් විතාන සහ අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment