දරුවන්ගේ ඉටුදෙවියා දියතලාවේ හිත හොඳ දොස්තර තිරාජ් මෙන්ඩිස් සමුගනී

494

දරුවන්ට නිරතුරුවම ආදරය කරමින් හා දරුවන් සුවපත් කිරීම වෙනුවෙන් කැපවූ දියතලාව මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ තිරාජ් මෙන්ඩිස් මහතා හදිසි රෝගාබාධයකින් ඊයේ (03 වැනිදා* මියගොස් තිබේ. බණ්ඩාරවෙල, කිතුල්ඇල්ල පදිංචිව සිටි මෙම හිත හොඳ වෛද්‍යවරයා මිය යනවිට 42 හැවිරිදි වියේ පසුවිය.

දරුවන්ගේ ඉටුදෙවියා දියතලාවේ හිත හොඳ දොස්තර තිරාජ් මෙන්ඩිස් සමුගනී

ඔහුගෙන් ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්හට ඔසුසලකින් බෙහෙතක් ගැනීමට මුදල් හිඟ දෙමාපියකු සිටියහොත් එම දෙමාපියන්හට දෙන්නට කියා ඔහුගේ සාක්කුවේ ඇති මුදල හෙද සොයුරියට භාරදුන් අවස්ථා එමටය.

 ඔහු දරුවන් වෙනුවෙන් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදන අවස්ථාවලදී ලැබෙන මුදල් පවා නොගෙන ඒවා අදාළ පෞද්ගලික වෛද්‍ය ආයතනටම භාරදී පැමිණීම සුවිශේෂී විය.

දරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ මෙම ආදරණීය වෛද්‍යවරයාගේ වියෝව හේතුවෙන් දියතලාව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම දැඩි කම්පාවට පත්ව සිටිති.

එපමණක් නොව මෙම හිත හොඳ වෛද්‍ය තිරාජ් මහතාගෙන් දරුවන්ට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ, වැල්ලවාය යන ප‍්‍රදේශවල දෙමාපියන්ද දැඩි ලෙස කම්පනයට පත්වී සිටිති. එසේම මෙවැනි දක්ෂ වෛද්‍යවරුන් අකාලයේ රටටම අහිමිවීම ඉමහත් පාඩුවකි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල

advertistmentadvertistment
advertistmentadvertistment