දරුවන්ගේ උපත් බර අඩුවීම ඊළඟ පරම්පරාවට කරන බලවත් අපරාධයක්

137

තුෂාර ඉඳුනිල් අමරසේන (සජබ)

මේ දශකයේ උපදින දරුවන් කෘෂ වුණොත් ඔවුන් ඉපදෙනකොට තියෙන ඔවුන්ගේ උපත් බර අඩු වුණොත්, ඔවුන්ගේ වයසට අනුව බර ප්‍රමාණය අඩු වුණොත් ඒක මේ දශකයේ දරුවන්ට, රටේ ඊලඟ ප්‍රජාවට පරම්පරාවට කරන බලවත් සාහසික අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

හැම අවස්ථාවකම කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පුදුමාකාර උත්සාහයක් දරනවා එහෙම මන්දපෝෂණය නැහැ. මේක නිලධාරීන් විසින් ගෙනියන්න කුමන්ත්‍රණයක් කියල කියන්න. මේ මන්ද පෝෂණයක් ඇතැයි කියලා කියන කාරණා පිළිබඳව කතා කරන්නේ 2016 යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කරන ලියවිල්ලක් අනුවයි කියලා. අපි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට කියනවා මේ වගේ තමයි තමුන්නාන්සේලා මේ රටේ ඩොලර් සංචිතය හිඟ වෙනකොට ආර්ථික අර්බුදයකට රට ගමන් කරන කොටත් ඔය වගේම ඩොලර් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ අගහිඟයක් නැහැ කියලා කයිවාරු ගැහුවේ. හැබැයි මේ ප්‍රශ්නෙට වඩා වැදගත් පම්පෝරි ගහලා මේ තර්ක කරලා ඔප්පු කරන්න හදන කාරණය මහා පොළොවේ යථාර්ථයක් ද නැද්ද කියන කාරණය අපි බලන්න ඕන.

දැන් මහ බැංකුව කියනවා අගෝස්තු මාසයේ උද්ධමනය 70.2% ආහාර උද්ධමනය ජූලි මාසයේ 82.6%යි ඒක අගෝස්තු වෙනකොට 84.2%යි එතකොට මහබැංකු වාර්තාවන් කියනවනම් දවසගානේ මේ රට තුළ දැවැන්ත ආහාර අර්බුදයක් ආහාර උද්ධමනයක් තියෙනවා යැයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා නම් මේ රටේ දැවැන්ත ආහාර අර්බුදයක් උද්ධමනයක් තියෙනවා කියලා එතකොට කරුණාකරලා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු මේකට සුදුහුණු ගාලා වහන්න හදන ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා මහපොළොවට ඇවිල්ල බලන්න. මේ සෙල්ලම් කරන්නේ මේ රටේ ජනතාවත් එක්ක. අනාගතය බාරගන්න ඉන්න ඊළඟ පරම්පරාවත් එක්ක තමයි මේ සෙල්ලම් කරන්නේ. කරපු හැම සෙල්ලමක් පස්සේ හරි හදාගන්න පුළුවන්. හැබැයි මේ දශකයේ උපදින මේ 2020 පස්සේ උපදින දරුවන් කෘෂ වුණොත් ඔවුන් ඉපදෙනවිට උපත් බර අඩු වුණොත්, ඔවුන්ගේ ශරීර වයසට අනුව බර ප්‍රමාණය අඩු වුණොත් ඒක මේ දශකයේ දරුවන්ට, අපේ රටේ ඊළඟ ප්‍රජාවට පරම්පරාවට කරන බලවත් සාහසික අපරාධයක්. මේක සම්පූර්ණයෙන් මානුෂීය අපරාධයක්. බරපතළ විදියට මිනිසුන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමක්. ඒ විදිහට උපදින දරුවන්ගේ මොළේ වර්ධනය වෙන්නේ නැහැ. ඒ විදිහට උපදින දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයක් නැහැ. ඒ විදියට උපදින දරුවන්ට ක්‍රීඩා කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අන්ත දුර්වල ප්‍රජාවක් තමයි 2020 දශකයන් පස්සේ උපදින්නේ කියන කාරණය මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා කෙහෙළිය රඹුක්වැල්ලට අපි කියන්නේ මේක වහන්න හදන්න එපා. මේ අය අතින් මේ අපරාධ සිද්ධ වුණා විතරක් නෙමෙයි නැවත නැවතත් මේ අපරාධයක් කරනවා. එහෙම දෙයක් නැහැ කවුද මේවා කියන්නේ කියමින් තර්ක කරමින් බොරු කියමින් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් විවිධ අයට චෝදනා ඉදිරිපත් කරමින් කාරණය වහන්න හදනවා. යම් කිසි දෙයක් නිවැරදි වෙන්න නම් කාරණය පිළිගන්න ඕන. ඒකට අවශ්‍ය විසඳුම් හොයන්න. ඒ නිසා අපි විශේෂයෙන් කියනවා මේ කාරණා වහන්න හදන්න එපා කරුණාකරලා මේ පිළිබඳව වැඩ කටයුතු කරන්න කියන කාරණය මතක් කරනවා.

ත්‍රිපෝෂ ගැන කතන්දරය එහෙමයි. ඇෆ්ලොටොක්සින් තියෙනවා කියලා පුවත්පත් වාර්තා කරනවා. එහිදී මේ කතෘවරුන්ට ලේඛකයන්ට විරුද්ධව අවශ්‍ය නම් නඩු දාන්න පුළුවන්. මේ ආණ්ඩුවේ සෞඛ්‍ය පිළිබඳව බලධාරීන් පුන පුනා කියනවා ඇෆ්ලොටොක්සින් නෑ කියලා. මොකක්ද මේ කරන්න හදන්නේ. ගෝඨාභය රාජපක්ෂගේ තිබිච්ච තේමාව තමයි.

රසායනික පොහොර භාවිතයෙන් නිෂ්පාදන වෙන බවබෝග ආහාරයට ගැනීමෙන් මේ රටේ ප්‍රජාව ලෙඩවෙනවා. ඔවුන්ට තියෙන දැවැන්ත වකුගඩු රෝග පිළිකා රෝග වැනි රෝගවලින් ජනතාව ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි රසායනික පොහොර වලින් ඉවත් වෙලා කාබනික පොහොර භාවිතය කියන සංකල්පයට ආවේ. හැබැයි දැන් මේ ගෙන්වන්නේ මොනවද. අවුරුදු දෙකක් තිස්සේ මේ කිව්වේ මේ රටේ තියෙන කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ඉපැයීම් ඵලදාව අඩු උනහම ඊළඟට ඒකෙ හිස්තැන මකන්න ගෙන්නන, ඒ තියෙන ධාන්‍ය වර්ග සහ ආහාර වර්ග රසායනික පොහොර භාවිතා නොකර හදපු ඒවද කියන සහතිකය කොහෙන්ද ලැබෙන්නේ. එතකොට දැන් රටේන් ගෙන්වන ඒවයෙත් ඇෆ්ලොටොක්සින් අඩංගු නම් මොකක්ද මේ ආණ්ඩුව නටපු ජවනිකා.

මේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග අන්තිම ප්‍රතිඵලය වුටණේ මුළු රටම වෙලා ගත්ත මහා ආහාර අර්බුදයක්. මහා මන්දපෝෂණ තත්ත්වයක්. දැවැන්ත විදිහට සිසු දරුවන් අසරණ වෙන මට්ටමට මේ රට ගිල්ලවපු එක තමයි මේ අය කරපු ලොකු අපරාධය.

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දි ලෝකෙ වටේ යනවා. එංගලන්තයේ රැජනගේ අවමංගල්‍ය උත්සවයට ගිහිල්ලා චාල්ස් රජ්ජුරුවොත් එක්ක පොඩි විස්කි වීදුරුවක් බොමින් එකට ඉන්න ෆොටෝ එකක් මෙහෙ මාධ්‍යවලට නිකුත් කරලා. එහෙම කරපු පමණින් අපේ රටේ ජනතාවගේ කුස පිරෙන්නේ නැහැ. අපිට ආරංචියි ළඟදී ඒ වගේම ජපාන සංචාරයක යනවා. එතුමාට හම්බවෙලා තිබෙන අවුරුදු දෙකක දෙක හමාර ජනාධිපතිවරයෙක් හැටියට හීනයක් වෙලා තිබිච්ච ගන්න තිබුන හොඳම ආතල් එතුමා ගන්නවා. ලැබුණු චාන්ස් එකෙන් විස්කි වීදුරුව බිව්වා කියලා ඇෆ්ලොටොක්සින් අඩංගු ත්‍රිපෝෂ ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. අපේ අහිංසක පාසල් දරුවන්ට සිහිසුන් වෙලා වැටෙන එක නවතින්නෙත් නැහැ. ආහාර උද්ධමනය නවතින්නෙත් නැහැ.

එතකොට ජනාධිපතිතුමා අපි දැක්කා ඊයේ පෙරේදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහින් තරුණයන් ටිකක් වටකරගෙන සෙල්ෆි ගහපුවා මාධ්‍යයට නිකුත් කරපු ඡායාරූප. අපි ජනාධිපතිවරයාට කියන්නේ කරුණාකර මේ රටේ ප්‍රශ්න තේරුම් ගන්න. තවදුරටත් මේ වගේ බාල පොත් පෙරළන්න හදන්න එපා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment