දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වැඩිකරන දෙසදුන් කල්කය – (රත කල්කය)

1165

රත කල්කය පානය නිසා ඇතිවන ප‍්‍රතිශක්තියෙන් දරුවාගේ වර්ධනය ඉතා හොඳින් සිදු වේ. සම පැහැපත් වේ. මොළයේ වර්ධනය හොඳින් සිදු වේ. එනිසා මතක ශක්තිය වැඩි වේ. පීනස, ඇතිවීම, ඇස් පෙනීම දුරවල වීම, අකලට හිසකෙස් සුදුවීම වැනි තරුණ වියේදී මතුවන රෝගවලින් ආරක්‍ෂා විය හැකිය.

 සෑම මවකගේම පියකුගේම ප‍්‍රාර්ථනාව නීරෝගිමත් දරුවකු බිහිකර ගැනීමය. එනිසා දරු පිළිසිඳ ගැනීමකට පෙර මවගේ යම් රෝගී බවක් ඇත්නම් ඒවා සුවකර ගත යුතුය. එසේම පියාගේ කිසියම් රෝගී තත්ත්වයක් අත්නම් ඒවාද නිසි වෛද්‍ය උපදෙස් මත ප‍්‍රතිකාර ලබා සුවපත් කරගත යුතුය. එවිට නිරෝගි දරු කලලයක් තුළින් නිරෝගී දරුවෙකු මෙලොවට බිහිකර ගත හැකිය.

 එසේ නීරෝගීව බිහිකර ගත් දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනය ද නිසි ලෙස පවත්වා ගැනීමට සෑම දෙමාපියෙක්ම අවධානය යොමු කළ යුතුය.

 දස මසක් කුස දරා මෙළොවට බිහිකරන දරුවාගේ අනාගත සෞඛ්‍යය තීරණය වන්නේ කුඩා කල ලැබෙන සෞඛ්‍යය පසුබිම මතය.

 දරුවා නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරුවේ නම් ඉන් ඇතිවන බලපෑම නිසා වර්ධනය අඩාල වේ.

 එනිසා දරුවාට ආදරය, කරුණාව, සෙනෙහස හා සමානව නිසි පෝෂණය ප‍්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ ආදිය ලබාදිය යුතුය.

 දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වර්ධනය සඳහා දිව්‍යමය ඖෂධයක් ලෙස ආයුර්වේදයේ රත කල්කය හෙවත් දෙසදුන් කල්කය හඳුන්වයි.

 ගැබිනි සමයේදී මවගේ රත්නය (රුධිරය)  දූෂිත වීම නිසා දරුවාට රත රෝග වැළඳිය හැකිය. එවිට දරුවාගේ සම මත රත බිබිළි හටගනී. මෙම රත බිබිලි වලින් හටගන්නා වේදනාව නිසා දරුවා නිතර හඬයි. ශරීරය රත් පැහැවේ. මව් කිරි බීම ප‍්‍රතික්‍ෂේප කරයි. නිතර කැස්ස, සමමත කැසීම හට ගැනීම, වලිප්පුව ඇතිවීම, උණ ගැනීම, මළ මුත‍්‍රා පිටවීම අඩුවෙන් හෝ වැඩිපුර සිදුවීම වැනි අපහසුතා දරුවාට මතු වේ.

 මෙවැනි අවස්ථාවකදී දරුවාට රත කල්කය ලබාදීමෙන් මතුව ඇති රත රෝගය සුවපත් කළ හැකිය.

 එසේම කුඩා අවධියේදී දරුවාට රත රෝගය නැතත් දිනකට දෙවරක් රත කල්කය ලබාදීම සුදුසුය.

 එය නිසි වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ යුතුය.

 කුඩා දරුවන්ට පමණක් නොව වයස අවුරුදු 10-12 අතර වියේ පසුවන දරුවන්ට ද රත කල්කය ලබාදීම ගුණදායකය.

 රත කල්කයෙන් ලැබෙන ගුණය

 දරුවන්ට රත කල්කය ලබාදීම නිසා ඔවුන්ගේ සිරුරේ ප‍්‍රතිශක්තිය වර්ධනය වී එය ශක්තිමත් වේ. එවිට දරුවාට නිතර වැළඳිය හැකි උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී වෛරස් රෝගවලින් ආරක්‍ෂා වේ.

 වර්තමානයේ පවතින කෙරෝනා වසංගත රෝගයෙන් ද දරුවන් ආරක්‍ෂා කර ගැනීමට රත කල්කය ඉතා ගුණදායකය.

 රත කල්කය පානය නිසා ඇතිවන ප‍්‍රතිශක්තියෙන් දරුවාගේ වර්ධනය ඉතා හොඳින් සිදු වේ. සම පැහැපත් වේ. මොළයේ වර්ධනය හොඳින් සිදු වේ. එනිසා මතක ශක්තිය වැඩි වේ.

 පීනස, ඇතිවීම, ඇස් පෙනීම දුරවල වීම, අකලට හිසකෙස් සුදුවීම වැනි තරුණ වියේදී මතුවන රෝගවලින් ආරක්‍ෂා විය හැකිය.

දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වැඩිකරන දෙසදුන් කල්කය - (රත කල්කය)
දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වැඩිකරන දෙසදුන් කල්කය - (රත කල්කය)

advertistmentadvertistment
advertistmentadvertistment