දරුවන්ගේ බෑග් පරීක්ෂා කරද්දී අහුවෙනදේවල් විපක්ෂ නායක කියයි

277


දරුවන්ගේ බෑග් පරීක්ෂා කරද්දී අහුවෙන්නේ ,හිස්, කෑම පෙට්ටි පමණයි විපක්ෂ නායක සජිත් පවසයි.

මේ රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන් පරිගණක විද්‍යාව කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත් එවිට දකින්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවට හිස් කෑම පෙට්ටි සහිත බෑග් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවත් ඒ මහතා සඳහන් කළේය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්ව වැඩසටහනට සමගාමීව 45 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා බස් රථයක් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට අද විපක්ෂ නායකවරයා විසින් පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක් වෙමින් මේ බව කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment