දරුවන්ට ඇතිවන ලෙඩ රෝග

1511

යෝනි මාර්ගයෙන් ලේ පිටවීම දින කිහිපයකින් නතර වේ. යෝනි මාර්ගයේ පහත්වීම සති කිහිපයකින් සුව වේ. විශාල වූ පියයුරු මිරිකා ස‍්‍රාවය බැහැර කිරීමට උත්සාහ නොකළ යුතුය

ළදරුවාගේ ලේ වල සීනි මට්ටම අඩුවීම

දරුවකු ඉපදී පළමු දින කිහිපය තුළ මව්කිරි දීම, විශේෂයෙන් පළමු දරුවාට මව්කිරි දීම අභියෝගාත්මක කි‍්‍රයාවකි. දරුවාට අවශ්‍ය පමණ කිරි නොලැබුණහොත් දරුවාගේ ලේ වල සීනි මට්ටම අඩුවිය හැකිය. එවැනි අවස්ථාවකදී දරුවා වෙව්ලීමක් පෙන්විය හැකි අතර සීනි මට්ටම ඉතා අඩු වුවහොත් එය වලිප්පු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. එවැනි අවස්ථාවක දරුවාගේ සීනි මට්ටම ඉහළට ගැනීම සඳහා සීනි ද්‍රාවණයක් එන්නත් කළ යුතුය. ඇතැම් දරුවන් තුළ සීනි මට්ටම අඩුවීමට වැඩි නැඹුරුතාවයක් ඇත.

එනම් දියවැඩියාව සහිත මව්වරුන්ගේ දරුවන්, අඩු වයසින් බිහිවූ දරුවන්, ගර්භණී කාලයේදී නිසිලෙස වර්ධනය නොවූ ප‍්‍රමාණයෙන් කුඩා දරුවන් හා විෂබීජ ශරීරගත වූ දරුවන්ය. මෙවැනි අවදානමක් සහිත දරුවන්ගේ රුධිරයේ සීනි මට්ටම නිතර පරීක්‍ෂා කර බැලීමට සිදුවේ.

අලූත උපන් දරුවන්ට සෑදෙන වලිප්පු වර්ග

සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනය මගින් සිදුවේ. බැක්ටීරියා නාශක දියරයක් ඇසට දැමීම හා ඇස සම්බාහනය කිරීම මගින් සුව අතට හැරේ. විවිධ අත්ප‍්‍රතිකාර කිරීමෙන් ඇසට හානිවීමට අවධානමක් ඇත.

ඇස්වලින් කබ පිටවීම

පෙකනිය දරු උපතින් දින කිහිපයකට පසු හැලී යයි. ඉන් පසු එම ස්ථානය වියළිව හා පිරිසිදුව තබාගත යුතුය. උණුකර නිවාගත් ජලයෙන් පිරිසිදු කිරීම ප‍්‍රමාණවත්ය. පෙකනිය පැසවා ඇත්නම් ප‍්‍රතිජීවක ආලේපන ගැල්විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීම හෝ එන්නත් කිරීමට සිදුවිය හැකිය. පෙකනිය වැටීමෙන් සති කීපයකට පසු එහි තෙත ගතිය පවතී නම් එහි මස් දල්ලක් තිබිය හැකිය. එවැනි මස් දල්ලක් රෝහලකදී පුළුස්සා දැමීම සිදුකරයි.

පෙකනියෙන් ස‍්‍රාවයන් පිටවීම

මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර මුත‍්‍රා සමඟ පිටවන ඹර්එැ කි‍්‍රස්ටල් නිසා සිදුවේ. මව දැනුවත් කිරීම ප‍්‍රමාණවත් වේ.

ළදරුවාගේ මුත‍්‍රා සමඟ රෝස පැහැති කුඩක් පිටවීම

වලිප්පුව සෑදීමට හේතු සාධක රැුසක් ඇත. බොහෝ අවස්ථාවලදී ඊට හේතු වන්නේ උපතේදී හුස්ම ගැනීමට ප‍්‍රමාද වීමය. මෙවැනි තත්ත්ව සඳහා දරුවා කුස තුළ සිටින විට ඇතිවන සංකූලතා බලපායි. උදා:- පෙකනිවැල ගැටගැසී තිබීම, දරුවාට මළපහ පිටවී තිබීම, මීට අමතරව ලේ වල සීනි අඩුවීම දරුවාගේ මොළයට රුධිරය වහනය වීම, මොළයේ උප්පත්තියෙන් පිහිටන අසාමාන්‍යතා, රුධිරයේ ලවණ වල වෙනස්වීම් හා උපතින් පිහිටන පරිවෘත්තීය කි‍්‍රයාවල අසාමාන්‍යතාද බලපෑ හැකිය. ළදරුවන්ට ඇතිවන වලිප්පු තත්ත්ව හ`දුනා ගැනීමට අපහසු වන්නේ වැඩිහිටියන්ට මෙන් ඔවුන්ගේ අත පයේ චලනයන් සිදුනොවන නිසාය. එයට හේතුව ඔවුන්ගේ මොළය හරිහැටි මෝරා නොතිබීමය.

ඔවුනට ඇතිවන වලිප්පු තත්ත්වයේදී දැකිය හැකි රෝග ලක්‍ෂණ මෙසේය. අස්වල සිදුවන ගැස්සීම් අතක හෝ කකුලක ඇතිවන අසාමාන්‍ය චලන තොල්පෙතිවල අසාමාන්‍ය චලන බයිසිකලයක් පදිනවා මෙන් කකුල්වල ඇතිවන චලන මෙවැනි වලිප්පු තත්ත්ව ඇති දරුවකු වහාම වෛද්‍යවරයකු වෙත ගෙනයෑම හෝ රෝහල්ගත කිරීම සිදුකළ යුතුය. එයට හේතු සෙවීමට පරීක්‍ෂණ සිදුකළ යුතු අතර, එම පරීක්‍ෂණවල ප‍්‍රතිඵල අනුව අදාළ ප‍්‍රතිකාර කිරීම සිදුකෙරේ. අලූත උපන් ඇතැම් දරුවන් (උපතේදී කිසිදු ප‍්‍රශ්නයක් නොතිබී) නිදාසිටින විට අත් කකුල්වල සිදුවන වෙව්ලීම වැනි චලන සාමාන්‍ය තත්ත්වයකි. නමුත් දෙමාපියන්ට ඒ පිළිබඳ සැකයක් පවතී නම් වෛi උපදෙස් ගැනීම සුදුසුය.

ගැහැනු දරුවකුගේ යෝනි මාර්ගයෙන් ලේ පිටවීම

යෝනි මාර්ගය පාත්වීම හා පියයුරු විශාල වීම මවගේ ලේ වල ඇති ඊස්ට‍්‍රජන් හෝමෝනය දරුවාගේ සිරුරට ඇතුළු වීම නිසා ඇතිවේ. යෝනි මාර්ගයෙන් ලේ පිටවීම දින කිහිපයකින් නතර වේ. යෝනි මාර්ගයේ පහත්වීම සති කිහිපයකින් සුව වේ. විශාල වූ පියයුරු මිරිකා ස‍්‍රාවය බැහැර කිරීමට උත්සාහ නොකළ යුතුය. එවිට පියයුරු පැසවා බැක්ටීරියා ආසාදන තත්ත්වයක් දක්වා උත්සන්න විය හැකිය.

දරුවන්ට ඇතිවන ලෙඩ රෝග

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
මහේෂක විජයවර්ධන
මූලික රෝහල වතුපිටිවල

advertistmentadvertistment
advertistmentadvertistment