දරුවන්ට උගන්වනවාද නැත්නම් කන්න දෙනවාද කියා අද දෙමව්පියන්ට ප්‍රශ්න දෙකක් තිබෙනවා – රෝහිණී කුමාරි විජේරත්න (සජබ)

118

අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළෙඳ, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ඊට අදාළ දෙපාර්තමේන්තුහි වැය ශීර්ෂයන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය (01 දා) ආරම්භ කරමින්,

අධ්‍යාපන ඇමැතිතුමා විසින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් එතුමා කියන දේවල් කරන්න පුළුවන්ද කියන ගැටලුව තිබෙනවා, වෙන්කරලා තිබෙන ප්‍රතිපාදන දිහා බැලුවහම. අද දෙමව්පියන්ට ප්‍රශ්න දෙකක් තිබෙනවා දරුවන්ට උගන්වනවාද නැත්නම් කන්න දෙනවාද කියලා. අද පිටු 80 පොතක් රු. 120යි. පිටු 200 සී.ආර්. පොතක් 560යි. පැන්සලක් පෑනක් 40 බැගින් වෙනවා. පාට පැන්සල් පෙට්ටියක් 570 ක් වෙනවා. ගම් බෝතලයක් 150ක් වෙලා. පොත් බෑගයක් 3500න් උඩ. සපත්තු කුට්ටමත් 3500 න් ඉහළ. පිටු අසූවේ පොතක් දවස් කීයද පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දෙමව්පියන්ට දරුවා පාසල් යවන්න පළමු වාරයට රුපියල් විසිදාහක්වත් ඕන වෙනවා.

අධ්‍යාපනයට වෙන්කරපු මුදල් දෙස බැලුවහම දකුණු ආසියාවේ පහළම මට්ටමේ අපි ඉන්නේ. අද ගුරුවරියන්ගේ සාරිය ලොකු ප්‍රශ්නයක් කරගෙන තිබෙනවා. අද චක්‍රලේඛ ගහනවා. මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය ඇඳගෙන එන රෙද්ද නොවෙයි. අද ගුරුවරුන් 11000ක් ගුරු මාරුවීම් බලාගෙන ඉන්නවා. නිසි පරිදි වැටුප් ලැබෙන්නැති ගුරුවරු ඉන්නවා. වැටුප් වැඩිවීම් ලැබෙන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒ අයට දේශපාලනඥයන් පස්සේ යන්න වෙලා තිබෙනවා තමන්ගේ වැටුප් වැඩි කරගන්න. මේ අයවැය ඇතුලේ කාන්තාවන් සඳහා මුදල් වෙන්තිරීම ගැන මම කණගාටු වෙනවා. මම රැවටුනා එම අමාත්‍යංශයට වැඩිපුර මුදල් වෙන් කරලා තිබෙනවා කියලා. නමුත් බලනකොට ඒකෙ ඇතුලේ තමයි සමෘද්ධි දෙපාර්තමේන්තුව දාලා තිබෙන්නේ. කාන්තා කටයුතු සහ ළමා කටයුතු අමාත්‍යාංශයට වැඩිපුර මුදල් අවශ්‍යයි. හිංසනයට ලක්වන කාන්තාවන්ට රැඳවුම් මධ්‍යස්ථාන නෑ. ගෙදරින් ගුටි කාලා, පොලිසියට ගිහින් නැවතත් ගෙදරට තමයි යන්න වෙන්නේ. එතකොට ආයෙත් ගුටි ලැබෙනවා. වයස අවුරුදු 04ට අඩු ළමුන් සියයට 42කට මන්ද පෝෂණය තිබෙනවා. මේවා ගැන කියපු වෛද්‍යවරුන්ව රස්සාවෙන් එළියට දැම්මා. අද ආහාර උද්ධමනය වැඩිවීම නිසා සියයට හැත්තෑවක් අද එක් වේලක් මඟහරින තතත්ත්වයක් ඇතිවෙලා කියලා යුනිසෙෆ් වාර්තාවකින් කියනවා.

advertistmentadvertistment
advertistmentadvertistment