දරුවන්ට කොරෝනා එන්නත දීම අද සිට බස්නාහිර රෝහල්වලදී

100

සංකූලතා සහිත සහ විවිධ නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබා දීම අද (27 වැනිදා) සිට බස්නාහිර පළාතේ සියලූ රෝහල්වල කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබේ.

නිධන්ගත රෝග ඇති ආබාධ සහිත වයස අවුරුදු 12 ත් 19ත් අතර දරුවන්ට රෝහල් වෙත යොමු කිරීමෙන් එන්නත් ලබා ගැනීමට හැකි වෙයි. බස්නාහිර පළාත තුළ ඇති මහ රෝහල්, ශික්‍ෂණ රෝහල්, දිස්ති‍්‍රක් රෝහල් සහ මූලික රෝහල්වලදී දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කෙරේ.

මෙරට සෙසු පළාත්වලද කඩිනමින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර එහෙයින් බස්නාහිර පළාතෙන් පිටත දරුවන් එන්නත් ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතේ රෝහල් වෙත රැුගෙන ඒමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment