දරුවන්ට ඩෙල්ටාමද සොයන්න සාම්පල් නෑ… ආචාර්ය චන්දිම ජීවන්දර

596

කුඩා දරුවන් තුළ මේ දිනවල පැතිර යන්නේ ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ද යන්න හඳුනා ගැනීමට නිදර්ශක (සාම්පල්) ජාන අනුක‍්‍රමික විශ්ලේෂණය සඳහා විශ්වවිද්‍යාලයට ලැබී නැතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා ෙසෙල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

දරුවන් වැඩි වශයෙන් කොරෝනා රෝගයට ගොදුරුවීම් වාර්තා වන බවත්, දරුවන්ගේ නිදර්ශක (සාම්පල්) ප‍්‍රභේද හඳුනා ගැනීමේ පරීක්‍ෂණ සඳහා විශ්වවිද්‍යාලයට ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ සිදුකළ හැකි බවත් ඒ මහතා කීවේය.

කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය වැඩි වශයෙන් හඳුනාගෙන ඇත ිබවත් කොළඹ නගර සීමාව කේන්ද්‍ර කරගෙන පසුගිය සතියේ ලබාගත් නිර්දේශ 94 ක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වාර්තාව 04 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment