දරුවන්ට සෑදෙන හන්දි අමාරු

495

දරුවන්ට හන්දි අමාරු සෑදීමට හේතු රාශියක් ඇති නමුත් ඉන් කිහිපයක් ඉතා වැදගත්ය. එවැනි හේතූන් මඟහැරීමෙන් දරුවාගේ ජීවිතයට හානියක් ඇතිවිය හැකි අතර සමහරවිට අදාළ හන්දියට දරුණු හානියක් සිදුවිය හැක. එවැනි හන්දි රෝග කිහිපයක් ගැන අද අප කතා කරමු.

 * වෛරස ආසාදනවලින් සති කිහිපයකට පසු ඇතිවන හන්දි අමාරු

 මෙය ඉතා සුලබව දරුවන් අතර දැකිය හැකි හන්දි අමාරුවකි. වෛරසයක් ශරීර ගතවීමෙන් පසුව ශරීරයේ එම වෛරසයට එරෙහිව ඇතිවන ප‍්‍රතිදේහ මගින් ඇතිවේ.

 සාමාන්‍යයෙන් වෛරස රෝගයන් සෑදී සති කිහිපයකට පසු ඇතිවන අතර සමහර අවස්ථාවලදී ඊට හේතුවන වෛරස ආසාදනයේ ලක්ෂණ පිළිබිඹු නොවිය හැකිය.

 දරුවාට හන්දි අමාරුව ඇතිවන විට උණ තත්ත්වයක් ඇති නොවේ. හන්දි වේදනාව නිසා දරුවාට ඇවිදීමේ අපහසුතාවයක් ඇතිවේ.

 මෙවැනි අවස්ථාවකදී වෛiවරුන් විසින් වේදනා නාශක බෙහෙත් ලබාදේ.

 * අනතුරු නිසා ඇතිවන හන්දි අමාරු

 දරුවන් උඩකින් වැටීම, අත් කකුල් සිරවීම ඇදීම වැනි හදිසි අනතුරු නිසා හන්දි අමාරු වලට භාජනය විය හැකිය. කලාතුරකින් වැඩිහිටියන් විසින් සිදුකරන ශාරීරික හිංසනද එයට හේතුවක් විය හැකිය.

 අනතුරේ ස්වභාවය අනුව එක්ස්රේ පටල මගින් දරුවාගේ අස්ථි බිඳී ඇද්දැයි පරීක්‍ෂා කිරීමට සිදුවේ.

 * රූමැටික උණ

 උගුරේ ඇතිවන බැක්ටීරියා ආසාදනයකින් සති කිහිපයකට පසුව ඇතිවන තත්ත්වයකි. පහත ලක්ෂණ අනුව රෝග නිර්ණය කරනු ලැබේ.

 1. හන්දියෙන් හන්දියට මාරුවන අධික ආසාදනය.

 2. හෘදයේ ඇතිවන ආසාදන තත්ත්ව

 3. මානසික වශයෙන් ඇතිවන වෙනස්කම් හා මුහුණේ හා අත්වල අසාමාන්‍ය චලන

 4. ඇෙඟ් ඇතිවන රතු පැහැති කුෂ්ඨ

 5. හම යට ඇතිවන ගැටිති.

 මීට අමතරව උණ, හන්දි කැක්කුම ලේ පරීක්‍ෂණ (ESR/CRP/FBC) සහ ඊසීජි (ECG) පරීක්‍ෂණද රෝග නිර්ණය සහතික කිරීමට යොදා ගනී.

 මෙවැනි ලක්‍ෂණ සහිත දරුවෙක් වහාම රෝහල් ගත කළයුතු අතර ළමා රෝග විශේෂඥ ෙෙiවරයකු යටතේ ප‍්‍රතිකාර කිරීම සිදුකළ යුතුය.

 * හන්දිවලට හා අස්ථිතුළට විශබීජ ශරීර ගතවීම

 හන්දියක් ආශ‍්‍රිත තුවාලයකින් හෝ රුධිරය මගින් විෂබීජ හන්ධියට හෝ අස්ථිය තුළට ඇතුළුවිය හැකිය.

 හන්දිය ඉදිමීම හා අධික වේදනාව ඇතිවේ.

 රෝග විනිශ්චය සඳහා ලේ පරීක්‍ෂණ ස්කෑන්, හා එක්ස්රේ පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

 හරිහැටි ප‍්‍රතිකාර නොලැබීමෙන් හන්දියට සහ අස්ථිවලට දැඩි හානි පැමිණිය හැක.

 දරුවා රෝහල් ගතකර දිගුකාලීන ප‍්‍රතිජීවක හා වේදනානාශක බෙහෙත් ලබාදීම සිදුකළ යුතුය. සමහරවිට දරුවා ශල්‍යකර්මවලට භාජනය කිරීමටද සිදුවිය හැක.

 * කලාතුරකින් ඇතිවන රෝග

 ඉහත සඳහන් කළ හන්දි අමාරුවලට අමතරව උකුල් අස්ථිවල ඇතිවන අසාමාන්‍යතා, පිළිකා නිසා ඇතිවන හන්දි අමාරු, දරුවන්ට ඇතිවන අතරයිටිස් වර්ග, බහු ඉන්ද්‍රියන්ට බලපාන ආසාදන තත්ත්වද කලාතුරකින් දැකිය හැකිය.

දරුවන්ට සෑදෙන හන්දි අමාරු

advertistmentadvertistment
advertistmentadvertistment