දරුවන් අතරේ කොවිඩ් පැතිරේ

207

පාසල් දරුවන් ඇතුළු අනෙකුත් දරුවන් අතරේ යළිත් කොවිඞ් වෛරසය ආසාදනය වීම ගතවූ දින කීපය තුළ ඉහළ නැග ඇතැයි බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (05 දා* පැවසීය.

දැනටමත් කොවිඞ් වෛරසය ආසාදනය වූ පාසල් දරුවන් ඇතුළු අනෙකුත් දරුවන් 16 දෙනකු ළමා රෝහලට ඇතුළත් කර ඇතැයි ද හෙතෙම කීය.

පසුගිය දින කීපය පුරාම දරුවන් අතරේ එම කොවිඞ් වැඩිවීම දක්නට ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කීය.

මේ කොවිඞ් දරුවන් අතර තවත් පැතිර ගියහොත් ආයෙමත් පාසල් ටික ජනවාරි වෙනකොට වහන්න සිදුවේවි. ඒ විතරක් නොවෙයි රටත් ලොක්ඩවුන් කරන්න වෙයි. ඒ නිසා දෙමාපියන් කළ යුත්තේ දරුවන් ද ආරක්ෂා කරගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට සාහය ලබාදීමයි. ඒ වගේම දෙමාපියන්, ගුරුවරුන් උද්ඝෝෂණ, විරෝධතාවලට යෑම ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. මොකද ඔවුන් හරහාත් පාසලේ දරුවට වගේම ගෙදර ඉන්න දරුවන්ටත් කොවිඞ් බෝවෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හැමකෙනාම සහයෝගය ලබාදිය යුතු කාලයක් මේ කාලය.

ඒ වගේම දරුවන් අනවශ්‍ය ගමන්බිමන් සඳහා රැුගෙන යන්නත් එපා. ළමා රෝහලේ 04 වැනිදා හිටියේ කොවිඞ් හැදුණු දරුවෝ 7 යි. 05 වැනිදා වෙනකොට කොවිඞ් හැදුණු දරුවෝ 16ක් ඉන්නවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment