දරුවන් අතර මේ දිනවල පැතිර යන වෛරස් රෝග

539

දරුවාට මුල් අවස්ථාවේදී මද උණක් හටගනී. කැසීම සමග ඇඟට අපහසුතාවක් මතු වේ. අතැම් දරුවන්ගේ මුඛයේ ඇති වන බිබිලි නිසා ආහාර ගැනීමට පවා අපහසු විය හැකිය.

මේ දිනවල දරුවන් අතර පැතිර යන වෛරස් රෝග කිහිපයක් ඇත. ඉන් බහුලව දැකිය හැකි රෝග කිහිපයක් ලෙස ශ්වසන අපහසුතා, පාචනය, සමේ ඇති වන ආසාදන සහ ඩෙංගු රෝගය දැක්විය හැකිය.

 ශ්වසන අපහසුතා

 ශ්වසන රෝග පෙන්නුම් කරන ආකාරය දරුවාගේ වයස අනුව වෙනස් වේ. වයස අවුරුදු දෙකට අඩු දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස පටන් ගන්නා මෙම වෛරස රෝගය දින කිහිපයකදී පපුවට ඇතුළු විය හැකිය. එවිට හුස්ම ගැනීමේ අපහසුතා මතුවන අතර කැස්ස ද උග්‍ර වේ.

 වයස අවුරුදු දෙකට වැඩි දරුවන්ගේ හතිය උත්සන්න වීමක් ලෙස මෙම වෛරස් ආසාදනය පෙන්නුම් කරයි. කලින් හතිය සෑදී නැති දරුවන් තුළ ද මෙය මුල් හතිය අවස්ථාව ලෙස මතු වේ.

 පාචනය

 මෙම පාචන රෝගයේදී සාමාන්‍ය පාචන රෝග තත්ත්වයට වඩා වමනය, නිතර වැසිකිළි යෑම හෝ බඩේ තද කැක්කුමක් ලෙස රෝග ලක්ෂණ මතු වේ. ඇතැම් දරුවනට බඩේ කැක්කුම අධික වී රෝහල්ගත කිරීමට පවා සිදු වේ.

 දරුවාට මෙම පාචන අවස්ථාවේදී වෙනදාට වඩා තරල ආහාර කුඩා ප්‍රමාණයෙන් නිතර ලබාදිය යුතුය.

 එහිදී කැඳ, සුප්, පලතුරු යුෂ, කිරි, තැඹිලි වතුර ජීවනී වැනි පානයක් යොදාගත හැකිය. ජලය පමණක් අධිකව දීමෙන් වමනය යා හැකිය.

 දරුවා මුත්‍රා අඩුවෙන් පිට කරයි නම්, නිදිමත ගතියක් පෙන්නුම් කරයි නම් රෝහල්ගත කර සේලයින් ලබාදිය යුතුය.

 අත්වල, යටි පතුල්වල හා මුඛයේ තුවාල ඇතිවීම

 මේ දිනවල දරුවන්ගේ අත්වල (අත්ලේ) යටි පතුල්හි හා මුඛයේ බිබිලි මතු වේ නම් වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම තට්ටමේ, වැලමිට සහ දණහිස යන ප්‍රදේශවල මෙම බිබිලි බහුලව මතුවේ නම් සමේ ආසාදන රෝගයක් විය හැකිය.

 දරුවාට මුල් අවස්ථාවේදී මද උණක් හටගනී. කැසීම සමග ඇඟට අපහසුතාවක් මතු වේ. අතැම් දරුවන්ගේ මුඛයේ ඇති වන බිබිලි නිසා ආහාර ගැනීමට පවා අපහසු විය හැකිය.

 කුඩා දරුවන් අතර පවතින මෙම සමේ රෝගය ඉතා ඉක්මනින් අන් දරුවන්ට ද පැතිර යා හැකිය. එබැවින් මෙම රෝගය වැළදී ඇත්නම් දින 5-7 ත් දක්වා කාලයක් අන් දරුවන් අතරින් ඈත් කර තැබිය යුතුය. වයසින් වැඩි සහ වැඩිමහල් දරුවන්ට මෙම රෝගය වැළදෙන්නේ කලාතුරකිනි.

දරුවන් අතර මේ දිනවල පැතිර යන වෛරස් රෝග



 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment