දරුවන් තිදෙනකු හදන්න චීන රජයෙන් උපදෙස්

265

විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3 ක් දක්වා ඉහළ දැමීමට අවස්ථාව ලබාදීමට ගෙන තිබූ තීරණය අනුමත කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ.

 ඒ සමගම, එරට එක් පවුලකට උපරිමව ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට මෙතෙක් පැවති නීතිය වෙනස් වෙයි. එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කළේය. එහි අරමුණ වන්නේ චීන ජනගහන වර්ධනයට රුකුළක් දීම බව එරට මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment