දරුවන් යොදා හැදූ අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරිය තරුණයා රිමාන්ඩ්

688

බාලවයස්කාර දරුවන් යොදාගෙන සකස් කළ අසභ්‍ය වීඩියෝ පට 500 ක් ව්‍යාජ සමාජ ජාල වෙබ් ගිණුම් ඔස්සේ අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ විසිපස් හැවිරිදි තරුණයකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (7 දා* අත්අඩංගුවට ගෙන ඇත.

 බඩල්කුඹුර ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 මේ අතර බාලවයස්කාර දරුවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට සකස්කර ඒවා අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ පුද්ගලයන් දස දෙනකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් හඳුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

 කුඩා දරුවන් යොදාගෙන සකස් කළ අසභ්‍ය වීඩියෝ පට සහ ඡුායාරූප අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් හඳුනාගැනීම සඳහා නවීන තාක්‍ෂණික පහසුකම් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සතුව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

 මේ ආකාරයට බාලවයස්කාර දරුවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට සහ ඡුායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පෙරේදා (7 දා* සිට ආරම්භ කර තිබිණි.

 හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment