දරුවන් 07 දෙනකු මැරූ එංගලන්ත හෙදියගේ නඩුව ඇරැඹේ

246

වසර හතකට පමණ පෙර එංගලන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සෙලවූ රෝහලක සිටි නිරෝගී දරුවන් සත් දෙනෙකු ඉන්සියුලින් එන්නත් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 32 හැවිරිදි වියෙහි පසුවන එංගලන්ත ජාතික හෙදියක් එම සිද්ධියට අදාළව තමාට එල්ල කර ඇති චෝදනා 22 ම උසාවියේදී ප්‍රතික්ෂේප කර තිබේ.

මැන්චෙස්ටර් නගරයේ ක්‍රවුන් උසාවියේදී පෙරේදා (10දා) ආරම්භ වූ අදාළ හෙදියට එරෙහි මිනීමැරුම් නඩුවේ දී උසාවිය හමුවේ පෙනී සිටි චූදිත හෙදිය වන ලුසී ලෙට්බි මෙසේ තමාට එරෙහිව පවතින චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. 2015 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ ජුනි මාසය දක්වා කාලය තුළ කවුන්ටස් ඔෆ් චෙස්ටර් රෝහලේ නව ජන්ම ඒකකයේ සිටි නීරෝගී පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැනු දරුවන් දෙදෙනකු එන්නත් විද මරා දැමීමේ චෝදනාව ලුසීට එරෙහීව එල්ල වී තිබේ. මෙහිදී ඇය විසින් එක් දරුවකු මරා දැමීමට තුන් වතාවක් උත්සාහ දරා ඇති බවත් තවත් දරුවන් 10 දෙනෙකු මරා දැමීමට තැත් දරා ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ. මාස හයක පමණ කාලයක් මුළුල්ලේ පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරෙන මෙම නඩු විභාගය සඳහා එංගලන්ත මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment