දරුවන් 11 දෙනකුගේ පියෙක් අවුරුදු 69දී වෛද්‍ය උපාධියට සැරසේ

563

දරුවන් 11 දෙනකුගේ පියෙකු වන 69 හැවිරිදි වියෙහි පසුවන ඉතියෝපියානු ජාතිකයෙකු වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා එරට ජිම්මා විශ්වවිද්‍යාලයට ඇතුළු වීම හේතුවෙන් මේ වන විට ඔහු එරට සමාජ මාධ්‍ය ජාලවල පුවත් මවන්නෙකු බවට පත්ව තිබේ.

ටැඩෙස්සේ ගීචිල් කුඩා කාලයේදීම සිය දෙමවුපියන් අහිමි වීමත් සමගම අනාථයෙකු බවට පත්ව ඇති අතර සිය ප්‍රාථමික අධ්‍යාපන කටයුතු හෝ පවත්වාගෙන යෑම අසීරු වීම නිසා අටවැනි ශ්‍රේණියේ අධ්‍යපනය ලැබීමෙන් පසු අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගත් අයෙකි. ඔහු කුඩා වියේදීම තම පවුල නඩත්තු කිරීම සඳහා ජීවනෝපාය වශයෙන් ගොවිතැන් කටයුතුවල නිරත වී ඇත. ගොවිතැන් කටයුතු නොමැති වූ අවස්ථාවල ඔහු ආපනශාලාවකද සේවය කර තිබේ.

කෙතරම් කාර්යබහුල අයෙකු වුවද ටැඩෙස්සේ හට පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිට එම විභාගය සමත් වීමට හැකි වී තිබේ. ඔහුට සිය නතර වූ අධ්‍යාපන කටයුතු ඇරඹීමට අවශ්‍යව තිබුණේ මෙයට වසර 10කට පමණ පෙර වුවද සිය පවුල් ජීවිතය ඇරඹීම හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වී තිබේ. එහෙත් මේ වන විට ඔහු පවසා ඇත්තේ තමාට දැන් එම අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යෑම සඳහා වේලාව පවතින බවයි. ඔහු වෛද්‍ය උපාධිය හදාරන තාක්ෂණය පිළිබඳ ජිම්මා විශ්වවිද්‍යාලයේ සෙසු සිසුන්ගෙන් ඒ සඳහා විශාල සහයක් ලබෙන බව ද ඔහු සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment