දරුවන් 13632 ක් මෙරට ළමා නිවාසවල රැකවරණ ලබනවා – ඇමැති ප්‍රසන්න රණතුංග

123

මෙරට රජයේ හෝ වෙනත් ආයතන මගින් පාලනය කරනු ලබන ළමා නිවාසවල මේ වන විට දරුවන් 13632 දෙනකු සිටින බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවසීය.

ගැහැනු දරුවන් 6615 ක් සහ පිරිමි දරුවන් 7017 ක් මේවායේ සිටින බව පැවසූ ඇමැතිවරයා එම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සහ පසුව රැකියා සඳහා යොමු කිරීමට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

සමගි ජන බලවේගය මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එම අදහස් දැක්වීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment