දරුවාගේ දේහය ලබා ගැනීමට මව සහ පියා අතර දැඩි සටනක්

297

වේයන්ගොඩ – සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ
 
 මව සහ පියා අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් අධිකරණය විසින් මව වෙත භාරදුන් වයස දෙකහමාරක දරුවකු 31 දා වතුපිටිවල රෝහලේදී මියගොස් ඇත.
 
වේයන්ගොඩ නාරන්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මව සහ එළුවාපිටිය ප‍්‍රදේශයේ පදිංචි පියා අතර කලක සිට පැවති ආරවුලක් වේයන්ගොඩ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව දරුවාගේ භාරකාරත්වය මෙයට මාස කිහිපයකට පෙර මව වෙත බාරදී තිබුණි. දරුවා මියගොස් ඇත්තේ මවගේ භාරකත්වයේ සිටියදීය. කලක සිටම දරුවා රෝගී තත්වයක් සිට ඇති බවත් 31 දා දරුවා මිය යෑමෙන් පසුවද දේහය ලබාගැනීම සඳහාද මව සහ පියා දැඩි සටනක නිරතව සිටින අතර දේහය බාරදිය යුත්තේ පියාටද මවටද යන්න තීරණය කිරීමද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඊයේ (01 දා* වේයන්ගොඩ පොලිසිය පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment