දරුවාගේ බෙල්ලට පිහිය තබා පවුම් 75 ක රන්බඩු සහ මුදල් පැහැරගෙන

183

කාන්තාවන් දෙදෙනකු හා කුඩා දරුවකු පමණක් සිටින අවස්ථාවක් බලා වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී ග‍්‍රහණයට ගත් කුඩා දරුවාගේ ගෙළට පිහියක් තබා කාන්තාවන් බිය ගන්වා පවුම් 75 කට අධික රන් ආභරණ තොගයක් සහ රුපියල් 68,000 ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ති‍්‍රරෝද රථ රියැදුරකු ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ටී. ජේ. ප‍්‍රභාකරන් මහතා නියෝග කළේය.

ලැබුණ පැමිණිල්ලක් අනුව අවට පිහිටි නිවාසවල සීසීටීවී දර්ශන ලබාගෙන සිදුකළ විමර්ශන අනුව කොල්ලකරුවන් පැමිණි ති‍්‍රරෝද රථය හඳුනාගත් බවත් සෙසු සැකකරුවන් හෝ පැහැරගත් රන් ආභරණ හෝ මුදල් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් සැරයන් එච්. ඞී. සෝමවර්ණ (30758* මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා රුපියල් 200 ක මුදලකට කුලී ගමනක් පැමිණි අයකු මිස ඔහු එම පැහැර ගැනීමට කිසිදු සම්බන්ධතාවයක් නොමැති අයකු බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම රථයේ පැමිණි සෙසු සැකකරුවන් තිදෙනකු එම නිවසට ගොස් මුදල් හා රන් ආභරණ පැහැර ගන්නා අවස්ථාවේදී ‘දැන් ඇති තියෙන දෙයක් අරගෙන ඉක්මනට වරෙල්ලා කියා’ එම ති‍්‍රරෝද රථයේ සිටි අයකු පවසා ඇති බවත් රියැදුරු එම අපරාධය සඳහා සම්බන්ධතාවයක් නොතිබූ අයකු නම් එම පැහැර ගැනීම් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ යුතුව තිබූ බවත් පොලිස් සැරයන්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment