දරුවාට අකුරු කියවන්න අතිප්‍රබල සරස්වතී යෝගයක්

389

ලොව උගතුන් වැඩි පිරිසක් මෙලොවට ජනිත කරවන බුද්ධියේ සංකේතය වන පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් ඥාාන යෝගය උදාකරමින්, බුද්ධියට අධිපති බුධ ග්‍රහයා ඔක්තෝබර් 01 වැනිදා රාත්‍රි 8.38ට කන්‍යා රාශියට පැමිණ උච්ච වෙයි. එම බුධ ඔක්තෝබර් 19 වැනි දින අලුයම 1.17 දක්වා කන්‍යා රාශියේ සිටින අතර මෙම කාලය තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හා එම ලග්නවලින් උපදින දරුවන්ට භද්‍ර යෝගය උදා වේ. මෙම කාලයේ රවිද කන්‍යාවේ බැවින් බුධ ආදිත්‍ය යෝගය ද යෙදේ.

ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් බුධ ග්‍රහයා තම උච්ච භවනය වූ කන්‍යා රාශියේ සුබ බලයක් ස්මතු කරමින් බලවත් වනු ඇත. එම බුධ ඔක්තෝබර් 19 වැනි දින අලුයම 1.17 දක්වා කන්‍යාවේ සුබ ග්‍රහ බලයක් ඉස්මතු කරනු ඇත. මෙය වසරකට දෙවරක් පමණක් සිදුවන සුවිශේෂි ග්‍රහ මාරුවකි. ඉන් පසු තුලා රාශි ගත වන තුරු දින 19 යක් බුධ කන්‍යාවේම ගමන් කරනු ඇත. මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්නවලින් උපන් අයට අන් ග්‍රහ ගමන් මත භද්‍රා නම් රාජ යෝග බලය උදා වන අතර ඔවුන්ට කරන කියන සියලු අංශවලින් අතිශය සුබ ප්‍රතිඵල උදා වනු ඇත. අනෙකුත් ලග්නවලට මධ්‍යම සුබඵල උදා වනු ඇත,

ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයින් අතරින් ළාබාල මෙන්ම කුඩාම ග්‍රහ ලොව වන බුධ ග්‍රහයා සූර්යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුම් 2705 ක පමණ විශ්කම්භයක් ඇති ග්‍රහයෙකි. අප වාසය කරන පෘථිවි ග්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්යයා හෙවත් රවි සමගම ගමනක යෙදෙන බුධ ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇත. ග්‍රහ ලොව ඥාන කාරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොත පතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත් පත් වෙළඳාමට හා මුද්‍රණ කර්මාන්තයට ද බලපෑමක් දක්වන ග්‍රහ ලොව ලෙස අපට හඳුන්වා දිය හැකිය,

මිථුන, කන්‍යා, වෘෂභ, තුලා, මකර හා කුම්භ යන ලග්නවලට සුබ ග්‍රහයෙකු වන බුධ මේෂ, කටක, සිංහ, වෘශ්චික හා ධනු යන ලග්න වලට තද බල පාපි ග්‍රහයා වනු ඇත. මිථුන, කන්‍යා, තුලා, මකර හා මීන යන ලග්නවලට යෝග කාරකයා වන බුධ, මේෂ, කටක, සිංහ වෘශ්චික යන රාශිවලට මාරක ග්‍රහයා වන්නේය. යම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇය නිරතුරු පොතපතට මෙන්ම උගත් අය සමග සාකච්ඡාවට මෙන්ම ලේඛන කලාවට වැඩි නැඹුරුවක් දක්වනු ඇත. එසේම බුධ බලවත් බොහෝ අයගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවන්නේ බුධ එම අංශයට එතරම් බර නොවූ ග්‍රහයකු නිසාය. බොහෝ විට බුධ ග්‍රහයා තමා සමග යෝග වන ග්‍රහයාගේ බලය ආරෝපනය කරගනු ඇත. එය බුධගේ ස්වරූපයයි.

බුධ බලවත්ව (උච්චව හෝ ස්වක්ෂේත්‍රව) යම් කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටින කල පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් සුබ ප්‍රබල බලවත් සුබ යෝගය උදා වනු ඇත. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපනයට ඉතාම දක්ෂ ඥානවන්තයින් වන අතර මනා අධ්‍යාපනයක් නොලැබුවත් උපතින්ම උගතුන් වනු ඇත. මේ අය නීතිය, ජ්‍යොතිෂය, චතුර කථිකත්වයට උපතින්ම සහජ දක්ෂයින් වන්නේය. ඒ අනුව ඉහත කාලයේ උපදින දරුවන් ඉතාම වාසනාවන්ත වන අතර ඔවුන්ගේ ග්‍රහ බලය සමග ඉහත භද්‍රා නම් පංච මහා පුරුෂ යෝග බලයද එක්වනු ඇත. ඒ අනුව එම දරුවන් අනාගතයේ අපේ රටේ මෙන්ම විදේශයන් තුළද කැපී පෙනෙන උගතුන් හා බුද්ධිමතුන් වනු නොඅනුමානය.

අධ්‍යාපනය හා ඒ අශ්‍රිත කටයුතු, පාසල් හා විශ්වවිද්‍යාල, නීතිය, ජ්‍යොතිෂය, ලේඛන කලාව, ගුරු වෘත්තිය, කවිය, පොත් පත් හා වෙළඳාම මෙන්ම මුද්‍රණ කර්මාන්තයට ද මෙම බුධ ග්‍රහ මාරුව ඉතාම යහපත් වන්නේය. එම අංශවල කැපී පෙනෙන දියුණුවක් ඇති වනු ඇත. ඔක්තෝබර් 04දා දරුවාට අකුරු කියවන්න අතිප්‍රබල සරස්වතී යෝගයක් උදා වන අතර මෙසේ බුධ, කන්‍යා ලග්නයේ උච්ච වීමෙන් මෙම වසර තුළ යෙදෙන ඉතාමත් ප්‍රබල සරස්වතී යෝගය ඔක්තෝබර් 04 වැනිදා බදාදා හරියටම පෙරවරු 6.00ට යෙදේ. සුබ දිශාව නැඟෙනහිර වේ.

දරුවාට අකුරු කියවන්න අතිප්‍රබල සරස්වතී යෝගයක්

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
නො. 49/ 1, විහාර මාවත,
ගම්මන්පිල, බණ්ඩාරගම.
දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment