දරුවාට කළ තරවටුවෙන් කිපුණු පියා ගුරුවරයකුට පහරදීලා

390

යාපනයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙකු විසින් ගුරුවරයකුට පහරදීම නිසා එම පුද්ගලයා අත්අඩංගුවට යාපනය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම පාසලේ සිසුවකු වැසිකිළි ගොස් යළි පන්ති කාමරයට පැමිණීමට ගත් කාලය වැඩි නිසා පාසලේ ක්‍රීඩා හා විනය භාරව කටයුතු කරන ගුරුවරයා එම සිසුවාට තරවටු කොට තිබේ. පසුදින දහවල් හදිසියේම පාසලට පැමිණි සිසුවාගේ පියා ගුරු විවේකාගාරයේ සිටි අදාළ ගුරු භවතාට බැන වැදී පහර දී ඇත. එම ස්ථානයේ සිටි ගුරුවරුන් පිරිසක් විසින් පහර කෑමට ලක් වූ ගුරුවරයා එම ස්ථානයෙන් මුදවා ගෙන රෝහල්ගත කොට තිබේ. මෙම පහර කෑමට ලක් වු ගුරුවරයා බරපතළ ලෙස තුවාල ලබා තිබීම නිසා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටද සිද්ධිය පැමිණිලි කිරීමෙන් පසුව ඔහු මෙම පහරදීමට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දැනුම් දී තිබේ. අදාළ පුද්ගලයා නිවසින් පලා ගොස් සිටීම නිසා පොලිසියට ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment