දරුවාට පිටි එකක් ගන්නවත් මුදල් නෑ.. පියා දුරකථන කුලුනක් මතට නැග බිමට පනින්න හදලා

525

ජීවන වියදම ඉහළ යෑම හමුවේ තම පවුලේ සාමාජිකයන්ට ජීවත්වීමට නොහැකි බව පවසමින් බගවන්තලාව නගරය ආසන්නයේ පිහිටි ටෙලිකොම් කුලුනක් මත නැග බිමට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ එක්දරු පියකු

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව නිරුපද්‍රිතව කුලුනෙන් බිමට බස්සවා ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ පදිංචි සෙල්වනායගම් පුවේන්ද්‍රන් නමැති 32 හැවිරිදි එක්දරු පියා පස්වරු 6 ට පමණ මීටර් 80 උස ඇති කුලුන මත නැග ඇති බවත්, එම කුලුන මත සිටි එක්දරු පියා තම පවුලේ සාමාජිකයන්ට රටේ පවතින ජීවන වියදම අනුව ජීවත් වීමට නොහැකි නිසා කුලුනෙන් බිමට පැන සියදිවි හානි කර ගන්නා බවට කෑ ගසමින් සිටියදී ප‍්‍රදේශවාසීන් විසින් ඒ බව බගවන්තලාව පොලිසිය වෙත දැනුම් දී ඇත.

වාහාම ක‍්‍රියාත්මක වූ බගවන්තලාව පොලිසියේ නිලධාරීන් කුලුන මත නැග සිටි පුද්ගලයාගේ බිරිඳව එම ස්ථානයට කැඳවා ශබ්ද විකාශන යන්ත‍්‍රයක් උපයෝගි කරගනිමින් සැමියාට බිමට බසින ලෙස අවස්ථා කිහිපයකදීම ආයාචනා කිරීමෙන් අනතුරුව කුලුන මත නැග සිටි එක්දරු පියා බගවන්තලාව ප‍්‍රදේශයේ තවත් තරුණයකුගේද සහයෝගය ඇතිව එදින රාත‍්‍රි 9 ට පමණ බිමට බැස ඇත.

සියදිවි හානි කර ගැනීමට උත්සහ කළේ යැයි කියන සෙල්වනායගම් පුවේන්ද්‍රන් කියා සිටියේ ජීවන වියදම ඉහළ යෑම හමුවේ අවුරුද්දක් පමණ වයසැති තම දරුවාට කිරිපිටි පැකට්ටුවක් පවා මිලට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම හමුවේ සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment