දරු උපත් අඩුවෙලා පිරිමි උපත් වැඩිවෙලා

416

මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව 2020 වර්ෂයට සාපේක්‍ෂව 2021 වර්ෂයේ දී දහසයදහස් අටසිය පනස් අටකින් අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2020 වර්ෂයේදී මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව තුන්ලක්‍ෂ එක්දහස් හත්සිය හතක් වූ අතර 2021 වර්ෂයේදී සජීවී දරු උපත් සංඛ්‍යාව දෙලක්‍ෂ අසූහතරදහස් අටසිය හතළිස් අටක් දක්වා අඩු වී ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. මේ නිසා දළ උපත් අනුපාතය (ජනගහනයෙන් 1000) 12.9 දක්වා 2021 වර්ෂයේදී අඩු වී ඇත. 2020 වර්ෂයේදී සජීවී දරු උපත්වලින් පිරිමි දරුවන් එක්ලක්‍ෂ පනස්හතරදහස් හැටඅටදෙනකු උපත ලබා තිබූ අතර උපත ලැබූ ගැහුනු දරුවන් සංඛ්‍යාව එක්ලක්‍ෂ හතළිහත්දහස් හයසිය තිස් අටකි.

2021 වර්ෂයේදී පිරිමි දරුවන් එක්ලක්‍ෂ හතළිස්පන්දහස් හතළිස් පහක් උපත ලබා තිබූ අතර ගැහැනු දරුවන් එක්ලක්‍ෂ තිස්නවදහස් අටසිය තුන්දෙනකු උපත ලබා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. එමෙන්ම 2021 වර්ෂයේ ස්ත්‍රී උපත් 100කට පුරුෂ උපත් සංඛ්‍යාව 104කි.

මෙලෙස දරු උපත් අඩුවීමට බලපා ඇත්තේ 2021 වසරේ පැවැති කොවිඩ් වසංගතය නිසා බොහෝ අඹු සැමියන් දරු උපත් පමා කිරීම බව හෙළි වී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment