දරු උපත් පමාකරන ෆයිබ්‍රොයිඞ් හටගන්න හේතු මොනවාද?

461

ප‍්‍රශ්නය – අද අප ඔබෙන් අහන්නට බලාපොරොත්තු වන්නේ Fibroid (ෆයිබ්‍රොයිඞ් තන්තුවාන) නමැති රෝග තත්ත්වය ගැනයි. මෙය කාන්තාවන් අතර පවත්නා රෝගයක්. එහෙත් මෙය ගැන කාන්තාවන් දැනුවත් වී නැහැ. මොනවද මේ ෆයිබ්‍රොයිඞ් කියන්නේ.

 වෛද්‍ය කෞමදි කරුණාගොඩ – නවීන විද්‍යාවට අනුව Fibroid කියන්නේ ටියුමර් තත්ත්වයක්. ආයුර්වේදයේ පැත්තෙන් මෙය හඳුන්වන්නේ අර්බුදයක් හැටියටයි. මෙය වැඩි වශයෙන්ම හට ගන්නේ ගර්භාෂය තුළයි. එනම් ගර්භාෂයේ මාංශමය පටකයේ, එහෙමත් නැත්නම් ගර්භාෂ බිත්තියේ තමයි මේවා හටගන්නේ. මේ මාංශමය පටකයේ තිබෙන තන්තු ළං ළංව රැස්වී ගෝලාකාර හැඩයකට පිහිටීම තමයි ෆයිබ්‍රොයිඞ් අර්බුද හෙවත් තන්තුවාහ නමින් අප අද සාකච්ඡා කරන්නට යන රෝගය.

 ප‍්‍රශ්නය – ෆයිබ්‍රොයිඞ් අර්බුදයක් හටගන්නේ ඇයි?

 වෛද්‍ය කරුණාගොඩ – නවීන විද්‍යාවේ හැටියට ෆයිබ්‍රොයිඞ් හැදෙන්නේ මෙහෙමයි කියලා අර්ථකථනයක් නැහැ. එහෙත් ආයුර්වේදයේ තියෙනවා මාංශ ධාතුවේ විකෘති වීමක් නිසා මෙය හටගන්නවා කියලා. ෆයිබ්‍රොයිඞ් ඇති වීමට හේතුව හරියාකාරව මෙය යැයි කීමට බැරි වුණත් එය හට ගැනීමට බලපාන සාධක හෙමත් නැත්නම් Risk Faction 

තිබෙනවා. ඒ සාධකවලින් එකක් තමයි අධික ස්ථුලභාවය. ශරීරයේ බර වැඩි කාන්තාවන්ට ෆයිබ්‍රොයිඞ් හට ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. වයස අවුරුදු 30 – 40 ත් අතර කාන්තාවන්ට මේවා හට ගැනීමේ අවදානම වැඩියි. එසේම පවුලේ වෙන කෙනකුට ෆයිබ්‍රොයිඞ් තිබෙනවා නම්, එවැනි පවුල්වල කාන්තාවන්ට ෆයිබ්‍රොයිඞ් හට ගැනීමේ අවදානම වැඩියි.

තවත් වැදගත්ම සාධකයක් තමයි දරුවන් නොලැබූ කාන්තාවක් වීම. ඇයටත් ෆයිබ්‍රොයිඞ්ස් හට ගැනීමේ අවදානම වැඩියි. සමහර විට දරුවන් අඩුවෙන් ඉන්න කාන්තාවන්ටත් මෙය වැලඳෙනවා මේ දෙකේම තේරුම ගර්භාෂය අඩුවෙන් පරිහරණය වුණාම ෆයිබ්‍රොයිඞ් හැදෙන බවයි.

නොමිලේ විස්තර සඳහා
0777620948

upath2
advertistmentadvertistment
advertistmentadvertistment