දරු දෙදෙනාගෙ හුස්මත් හොරකම් කරලා – ඉන්දික මියගියේ කළු පැල්ලම් තබලා

2820

* ඔස්ටේ‍්‍රලියාවෙන් ඇසෙන කඳුළු කතාව

 ඉන්දික ගුණතිලක. ඒ නම මේ වන විට බොහෝ දෙනකුට හුරු නමකි. ඉන්දික කොළඹ හතේ සුපිරි පාසලක අධ්‍යාපනය ලැබූවෙකි. 1982 උපත ලැබූ ඔහු කුඩා කල සිටම  ඉගෙනීමට හපනෙකි. ඉගෙනීමට පමණක් නොව ක‍්‍රීඩාවටත් පාසලේ බාහිර කටයුතුවලදිත් ඔහු කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ ඔහු තුළ තිබූ අපූරු හැකියාවන් නිසාය. ඔහුට හොඳ කටහඬක් ද උපතින්ම ලැබී තිබිණි. සිංහල, හින්දි පමණක් නොව බටහිර ගීත  ගායනයේ දී ඔහු ගායනයට කළ සාධාරණය  ගැන මිතුරන්ට සහතික දිය හැකි තරම් සාර්ථක ගායනාය.

දරු දෙදෙනාගෙ හුස්මත් හොරකම් කරලා - ඉන්දික මියගියේ කළු පැල්ලම් තබලා


පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු අනාගත බලාපොරොත්තු පොදියත් රැුගෙන ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේ මීට වසර කිහිපයකට පෙරාතුවය. තරුණ ඉන්දික ඔස්ටේ‍්‍රලියාවේ නගර සැලසුම් ශිල්පියකු ලෙස රාජකාරි කරමින් මසකට හොඳ ආදායමක් ද උපයා ගත්තේ සැපවත් ජීවිතයට පදනම දමා ගනිමිනි.

දරු දෙදෙනාගෙ හුස්මත් හොරකම් කරලා - ඉන්දික මියගියේ කළු පැල්ලම් තබලා


ඔහුට ක‍්‍රිස්ටීන් මුණ ගැසෙන්නේ මීට වසර හතකට පමණ පෙරාතුවය. උපතින් ශ‍්‍රී ලාංකිකයකු වන ඉන්දිකත් මේ සුදු ජාතික රුවැති තරුණියත් අතර ඇති වූ ඒ දැන හඳුනා ගැනීම පේ‍්‍රමකට හැරී යන්නේ ඔය අතරය.

 ආදරය අන්දය. දෙදෙනෙක් අතර ඇතිවන ආදරයකට ජාති ආගම් කුල භේද හෝ අනෙක් කිසිදු දෙයක් බලපාන්නේ නැත. ඉන්දිකගේත් ක‍්‍රිස්ටීන්ගෙත් ආදරය දලූලා වැඩෙද්දී කළු සුදු භේද කිසිවක් හරස්වුණේ නැත. දෙදෙනාගේ බැඳීම ජයග‍්‍රාහී විවාහයෙන් කෙළවර වී ගියේ ඒ අනුවය.

දරු දෙදෙනාගෙ හුස්මත් හොරකම් කරලා - ඉන්දික මියගියේ කළු පැල්ලම් තබලා


කාලයාගේ ඇවෑමෙන් ඉන්දික පිය පදවියට පත්වී ක‍්‍රිස්ටීන් මව් පදවියට පත්වූයේ මේ පවුලේ සතුට දෙගුණ තෙගුණ කරමිනි. පළමු දරුවා පුතෙකි. දෙවැනි දරුවා දියණියකි. දරු දෙදෙනා සමග මේ පවුල ලස්සන ජීවිතයක් ගෙවමින් සිටියදී මේ පවුලටත් කණකොකා හඬන්නට ගත්තේ නැති ප‍්‍රශ්න ඇතිකරමිනි.

 ඉන්දිකගේ නැන්දම්මා විටක කණකොකා රැුගෙන මේ පවුල මැදට ආ බවට ද කතා පැතිර ඇත. කෙසේ හෝ මීට වසර හතර හමාරක සිට ඉන්දික ද මානසික ආතතියට ඇද වැටුණේ ඒ පවුල් ප‍්‍රශ්න නිසාය. ක‍්‍රිස්ටීන් ද ටික ටික වෙනස් වී ගියේ අදහාගත නොහැකි ලෙසිනි. ඉන්දික දහ අතේ කල්පනා කළේය. ඉංග‍්‍රීසියෙන් කල්පනා කළාට ඔහුගේ මුල් තිබුණේ සිංහල සංස්කෘතිය තුළය. මොහුගේ ලංකාවේ මිත‍්‍රයන් ඔහු වෙනුවෙන් පුදපූජා තැබුවේ ඒ නිසාය. ඉන්දික එවැනි පූජා පිංකම් මහ ඉහළින් විශ්වාස කළ බව ඔහුගේ මිතුරෝ සඳහන් කරති.

 ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් හි එසිංටන් වීදියේ නිවසකට ඉන්දිකත් දරු දෙදෙනාත් කොටු වූයේ ක‍්‍රිස්ටීන් පවුලෙන් ඈත්වන්නට තීරණය කළ පසුවය. දික්කසාද වීමකට හෝ වෙනත් තීරණයක් ලැබෙන තුරු මොවුන් සිටියේ වෙන වෙනමය. හය හැවිරිදි පුතුත් සිව් හැවිරිදි දියණියත් සිටියේ ඉන්දික සමගය. ක‍්‍රිස්ටීන් සිටියේ ඇයට ගුරු හරුකම් දෙන මව් සමගය. කොහෙත් ප‍්‍රශ්නවල ස්වභාවය එකය. එය ඉතියෝපියා පවුලක් අරඹයා වුවද ඔස්ටේ‍්‍රලියාවේ පවුලක් අරඹයා වුවද සමානය. සිරකාරයොත් මනුෂ්‍යයෝය, කියා වැලිකඩ හිරගෙදර තාප්පයේ ලියා ඇත්තේ එනිසාය.

 ඉන්දිකත් ෆේස්බුක් එකට යන්නේ පුරුද්දටය. ‘‘මම මානසික ආතතියකින් පෙළෙනවා’’ කියා වීඩියෝ සටහනක් දැමූ ඔහු ඒ සඳහා ප‍්‍රතිකාර ගන්නා බව ද කියා සිටියේ මිතුරන් සමග දුක සැප බෙදා ගනිමිනි. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ සොයා ගැනීම නොකළේ නම් ඉන්දිකගේ ඒ රෝගී තත්ත්වය රහසක් බවට පත්වන බව ද නොරහසකි. ඉකුත් බදාදා ඔහු ෆේස්බුක් එකේ ‘ප්‍රොෆයිල්’ එකට අලූත් ජායාරූපයක් එක් කළේ ඔය අතරය. දරු දෙදෙනාත් අතින් අල්ලාගෙන තිදෙනා සිටින්නේ මහ මුහුදින් ඈත ක්ෂිතිජය දෙස බලාගෙනය. ඉන්දිකට මේ පුංචි ශ‍්‍රී ලංකාව ඒ මොහොතේ සිහිවුණා දැයි කියා අප දන්නේ නැත. නමුත් ඒ ජායාරූපය කවියක් සේ බොහෝ දේ පවසන එකකි. හරියටම ඉකුත් සිකුරාදා සවස මළ හිරු බැසයද්දී ඉන්දික ඉතා නරක තීරණයක් ගත්තේ ළදරුවකු ලෙසිනි. මහපොළව නුහුලන ඒ තීරණය ඔහු ගත්තේ මන්දැයි හරියටම දන්නේ ඔහු පමණකි. ලස්සන හුරතල් දරු දෙදෙනා මරා දැමූ මේ නරුම පියා ගෙල වැලලාගෙන සිය කාලකන්නි උරුමය සොයා ගියේ ශ‍්‍රී ලංකාවට කළු පැල්ලමක් ද තබමිනි. මොන තරම් උගතෙකු වුවත්, මොන තරම් ජගතකු වුවත් ඉන්දික කළේ ඔහු උගත් පාසලටත් නිගාදෙන තරම් පහත් වැඩකි. ප‍්‍රශ්න නැත්තේ කාටද. ලංකාවේ මිනිස්සුන්ට දැන් තුන්වේල කා ගන්නටත් වත්කමක් නැත. එහෙව් මිනිසුන් හිනාවෙවී සැහැල්ලූවෙන් දිවිපෙවත ගෙවා දමද්දී ඉන්දිකට තිබූ ප‍්‍රශ්න ප‍්‍රශ්නදැයි කියා අසන අයත් සිටිති.

 අන්තිමට ක‍්‍රිස්ටීන් තනි වූවාය. ඇය හඬද්දී කඳුළු ද කඩා වැටිණි. ඇය හඬන හැටි දුටු අපට මතකයට ආවේ

 කිසාගෝතමී සහ පටාචාරාය. වෙනසකට තිබුණේ මේ ගැහැනිය සුදු ගැහැනියක වීම පමණකි. ඔස්ටේ‍්‍රලියාවේ, පර්ත් නගරය අප දැක නැත.

 නමුත් මේ මියගියේ අපේ එකෙකි. අපේ දරු දෙදෙනෙකි. මේ අපරාධය දැක අපේ හිතට දුකක් ආවේ ‘‘ඉන්දික උඹ කළ වැඬේ වැරදියි’’ කියා අපට වැටහෙන නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment